වෘෂණ කෝෂ පිළිකා | The Family Planning Association of Sri Lanka

වෘෂණ කෝෂ පිළිකා

වෘෂණ කෝෂ පිළිකා

ඔබ විසින් දැනුවත්ව සිටියයුතු දේ 

වෘෂණ කෝෂ පිළිකා යනු තරුණ පිරිමින්ටවිශේෂයෙන් වයස අවුරුදු 15-44 අතර අයට බලපාන වඩාත් සුලභ පිළිකා විශේෂයකි. කෙසේ වෙතත්බොහෝ තරුණයින් මෙම තත්වය පිළිබඳව නිසි අවබෝධයක් නොමැති අතර ඔවුන්ගේ වෘෂණ කෝෂ පරික්ෂාව නිතිපතා සිදු නොකරයි. අදාළ පරීක්ෂාවන් නිසි ආකාරයෙන් සිදු නොකළද මුල් අවස්ථාවේදීම  රෝග තත්වයන් හඳුනාගැනීම තුළ පවතින ඵලදායී විකල්ප ප්‍රතිකාර ක්‍රමවේද හරහා 90%ක්ම සුවකරගැනීමේ හැකියාව පවතියි.

වෘෂණ කෝෂවල පිළිකා හටගැනීම සඳහා  නිශ්චිත වශයෙන් හේතුවක් නොමැති නමුත් වෘෂණ කෝෂ පිළිකා ඇතිවීමේ අවදානම වැඩිවීමට නම්:

 

  • වෘෂණ කෝෂ පිළිකාවට ගොදුරු වූ තවත් පිරිමි පවුලේ සාමාජිකයෙක්/යන් සිටීම.
  • නිසි පරිදි ශරීරයේ ස්ථානගත නොවී තිබීම  (වෘෂණ කෝෂ එකක් හෝ දෙකම හෝ ශරීරයේ අදාල ස්ථානයේ නොපිහිටා උදර ප්‍රදේශය ආශ්‍රිතව පිහිටා තිබීම)
  • වඳභාවය
  • Klinefelter’s සින්ඩ්‍රෝමය  - ක්ලයින්ෆෙල්ටර් සින්ඩ්‍රෝමය ඇතිවන්නේ අතිරේක වර්ණදේහයක් මගිනි. මෙම අමතර වර්ණදේහය නිසා  වෘෂණවල වර්ධනයට බාධාවක් විය හැකි අතර සාමාන්‍යය ප්‍රමාණයට වඩා අඩුවෙන් පිරිමි ලිංගික හෝමෝන නිපදවයි.
  • එච්.අයි.වී./ඒඩ්ස් (HIV/AIDS) වැනි ලිංගාශ්‍රිත රෝග තත්වයන්

 

වෘෂණ කෝෂ පිළිකාවේ වඩාත් පොදු රෝග ලක්ෂණය වන්නේ වෘෂණ කෝෂයේ වේදනා රහිත ගැටිත්තක් ඇතිබව දැනීමයි. එසේමසමහර පුද්ගලයන්ට වෘෂණ කෝෂ  ප්‍රදේශය තුල යම් යම්  අපහසුතා ඇතිවිය හැකිය. තවදවෘෂණවල ඉදිමීම හෝ රතු පැහැයපිටුපස පැත්තේ ඇතිවන වේදනාව සහ හුස්ම හිරවීම ආදී තත්වයන්ද දැකිය හැකිය.

වෘෂණ කෝෂ තනිවම පරික්ෂා කරගන්නේ කෙසේද?

වෘෂණ කෝෂවල පිළිකා තත්වයන් කලින් හඳුනාගැනීමේ වැදගත්කම සැලකිල්ලට ගනිමින් පුරුෂ පාර්ශවය තම වෘෂණ කෝෂ නිතරම පරීක්ෂා කර බැලීම වැදගත් වේ. වෘෂණ කෝෂ පරීක්ෂා කිරීමට හොඳම කාලය වන්නේ තමන් විවේකයෙන් සිටින විටදී හෝ ස්නානය කිරීමෙන් පසුවය. මෙහිදීසෑම වෘෂණ කෝෂයක්ම පිළිවෙලින් පරීක්ෂා කළ යුතුය. සමේ පැහැදිලි වෙනස්කම් සහ වෘෂණකෝෂ දෙක අතර  ප්‍රමාණයේ පැහැදිලි වෙනස්කම් ඇත්දැයි හොඳින් පරීක්ෂාකළ යුතුය. මෙහිදී එක වෘෂණ කෝෂයක් අත්ල මගින් අල්ලාගෙන අනෙක් වෘෂණ කෝෂය මහපට ඇඟිල්ල සහ සෙසු ඇඟිල්ලක ආධාරයෙන් සියුම්ව පිරිමදිමින් එහි ව්‍යුහය හඳුනාගත යුතුය. අනෙක් වෘෂණ කෝෂයද ඒ අයුරින්ම පරික්ෂා කළ යුතුය. මෙහිදීඑක් වෘෂණ කෝෂයක් අනෙක් වෘෂණ කෝෂයට වඩා තරමක් විශාල වීමත් එකක් අනෙක් වෘෂණ කෝෂයට වඩා මඳක් පහලින් හෝ ඉහලින් පිහිට තිබීමත් සාමාන්‍ය තත්වයක් බව මතක තබාගත යුතු වේ. වෘෂණ කෝෂ පරික්ෂා කිරීමේදී එය ඉතා සිනිදු ලෙසත්  වෘෂණ කෝෂවල කෙලවර ව්‍යුහය මෘදු බෝලයක් වශයෙන් දැනිය යුතුය.

වෘෂණ කෝෂ පරීක්ෂාකිරීමේදී ඔබ ගැටිත්තක් සොයාගත්තේ නම් කුමක් කල යුතුද?

ඔබගේ  වෘෂණවල ප්‍රමාණයේ හෝ පෙනුමේ යම් වෙනසක් හෝ අසාමාන්‍ය ගැටිති ඇතිවී ඇත්නම් ඒ පිළිබඳව පරීක්ෂා කරඅවශ්‍ය නම් අල්ට්‍රා සවුන්ඩ් ස්කෑන් වැනි තවත් පරීක්ෂණ කරවාගැනීම සඳහා සුදුසුකම් ලත් සෞඛ්‍ය සේවා වෘත්තිකයකුගෙන් උපදෙස් ලබාගත හැකිය. වෘෂණ කෝෂවල ඇතිවන  සියලුම වෙනස්කම් පිළිකා නොවේ. එම්.ආර්.අයි. (MRI) ස්කෑන්පපුවේ එක්ස් කිරණ සහ පිළිකා විශේෂිත රුධිර පරීක්ෂණ වැනි වැඩිදුර පරීක්ෂණ මගින් රෝග විනිශ්චය කරගැනීමට සහ එය පිළිකාවක් නම් පැතිරීමේ ප්‍රමාණය අවබෝධ කරගැනීමට හැකියාව පවතියි. 

වෘෂණ කෝෂ පිළිකා සඳහා ප්‍රතිකාර කිරීමේ ප්‍රධානතම ක්‍රමවේදය වන්නේ වෘෂණ කෝෂ ශල්‍යකර්මයක් හරහා ඉවත් කිරීමයිනමුත් බොහෝ රෝගීන්ට පිළිකාවේ පැතිරීමේ ප්‍රමාණය  අනුව රසායනික චිකිත්සාව හෝ විකිරණ ප්‍රතිකාර ද අවශ්‍ය වේ. වෘෂණ කෝෂ පිළිකා සඳහා ප්‍රතිකාර කිරීම සාමාන්යෙන් ලිංගික ක්‍රියාකාරිත්වය සඳහා බලපෑමක් සිදු නොවන නමුත් රසායනික ප්‍රතිකාර ලබාදීම රෝගීන් සම්පූර්ණයෙන්ම සුව වන තෙක් ලිංගිකත්වය කෙරෙහි ඇති උනන්දුව අඩුවීමට හේතු වේ. තවදඑක් වෘෂණ කෝෂයක් ශල්‍යකර්මයෙන් ඉවත් කිරීම සශ්‍රීකත්වයට බලපාන්නේ නැතනමුත් රසායනික චිකිත්සක ප්‍රතිකාර තාවකාලික වඳභාවයට හේතු විය හැක.

වෘෂණ කෝෂ පිළිකා පිළිබඳව විවෘතව කතා කිරීම සහ තරුණ පිරිමින් අතර දැනුවත්භාවය වර්ධනය කිරීම මෙන්ම තරුණයින් ස්වයං පරීක්ෂාව පිළිබඳව බලගැන්වීම වැදගත් වේ. එසේම වෘෂණ කෝෂවල ඇති බොහෝ ගැටිති පිළිකා නොවන බව මතක තබා ගත යුතු අතර කලින් හඳුනාගැනීමේ වැදගත්කම නිසා ඔබට වෘෂණවල ගැටිත්තක් දැනේ නම් හැකි ඉක්මනින් වෛද්‍ය උපදෙස් ලබා ගැනීම අත්‍යවශ්‍ය වේ.

 

Author

The Family Planning Association of Sri Lanka

අලුත්ම තොරතුරු ලබාගැනීමට එක්වන්න

2024 | Family Planning Association All Rights Reserved
As Imagined By