ඔසප්විමේදී භාවිතා කරන සනීපාරක්ෂක නිෂ්පාදන | The Family Planning Association of Sri Lanka

ඔසප්විමේදී භාවිතා කරන සනීපාරක්ෂක නිෂ්පාදන

ඔසප්විමේදී භාවිතා කරන සනීපාරක්ෂක නිෂ්පාදන

ඔසප්විමේදී භාවිතා කරන සනීපාරක්ෂක නිෂ්පාදන - භාවිතා කළහැකි විකල්ප නිෂ්පාදන පිළිබඳව දැනගන්න!!

ඔසප්වීම සිදුවන ඕනෑම පුද්ගලක් හට තමන්ට සුදුසු හොඳම සනිපාරක්ෂක නිෂ්පාදනය තෝරාගැනීම සඳහා අයිතියක් ඇත. මෙහිදීවෙළඳපොලෙන් පහසුවෙන්  ලබාගැනීමට හැකිවීමඑම නිෂ්පාදන වෙත වඩාත් පහසුවෙන් ප්‍රවේශ වීමට හැකිවීමභාවිතා කිරීමේ ක්‍රමවේදය සහ පාරිසරික වශයෙන් තිරසරභාවය යන සාධක සැලකිල්ලට ගනිමින් මෙම නිෂ්පාදන ලබාගනීමේ හැකියාව පවතියි. ඔසප් සෞඛ්‍ය පිලිබඳ සහතික වීමේදී  පවතින විවිධ ඔසප් සනීපාරක්ෂක නිෂ්පාදන පිළිබඳව අවබෝධ කරගැනීම වඩාත් වැදගත් වේ. ශ්‍රී ලංකාවේ පවතින ඔසප් සනීපාරක්ෂක නිෂ්පාදන අතර සනීපාරක්ෂක තුවා (ඉවත දැමිය හැකි සහ නැවත භාවිතා කළ හැකි)ටැම්පොන්ඔසප් කෝප්පඔසප් තැටි සහ ඔසප් යට ඇඳුම් ආදිය ඇතුළත් වේ.

සනීපාරක්ෂක තුවා

භාවිතාකර ඉවතදමියහැකි සනීපාරක්ෂක තුවා ශ්‍රී ලංකාව තුළ ඉතාමත් බහුලව භාවිතා කරන ඔසප් සනීපාරක්ෂක නිශ්පාදනය වන අතර නාගරික සහ ග්‍රාමීය ප්‍රදේශවල ඉතා පහසුවෙන් සොයාගත හැකිය. මෙම නිශ්පාදන සාමාන්‍යයෙන් රෙයෝන්ප්ලාස්ටික් සහ කපු යන අමුද්‍රව්‍යවලින් නිශ්පාදනය කර ඇත. සනීපාරක්ෂක තුවාවල යටි පැත්ත ඇලෙනසුලු පටියක් වැනි ලේයරයක් ඇත. මෙය සනීපාරක්ෂක තුවාය යට ඇඳුමට පහසුවෙන් ඇලවෙන ආකාරයටත් කාන්දුවීම් වලක්වා ගැනීමටත් උපකාරී වෙයි. ඇතැම් සනීපාරක්ෂක තුවා යට ඇඳුමට ඇලවීම තවදුරටත් තහවුරු කිරීම සඳහා "පියාපත්" (wings) වැනි කොටසක්ද ඇත. නැවත නැවත භාවිතා කළහැකි සනීපාරක්ෂක තුවාවල ගාංචුවක් සහිත පියාපතක් ඇති අතර ඒ හරහා වඩාත් සුරක්ෂිතව යට ඇඳුමට ඇලවීම සිදුකළ හැකිය. භාවිතාකර ඉවතදමියහැකි සනීපාරක්ෂක තුවා සහ නැවත නැවත භාවිතා කිරීමට හැකි සනීපාරක්ෂක තුවා සඳහා නියමිත ප්‍රමාණයන් පවතින අතර ඔසප් වීමේදී රුධිරය වහනය වීමේ ප්‍රමාණය අනුව සනීපාරක්ෂක තුවා තෝරාගත හැකි වේ. මෙහිදීසාමාන්‍ය ඔසප් රුධිර වහනයක් සඳහා සාමාන්‍ය ප්‍රමාණයේ සනීපාරක්ෂක තුවාද වැඩි ඔසප් රුධිර වහනයක් හෝ රාත්‍රී කාලයේදී දී භාවිතා කිරීම සඳහා දිග ප්‍රමාණයෙන් වැඩි සනීපාරක්ෂක තුවාද භාවිතා කරයි. යහපත් ඔසප් සෞඛ්‍ය පවත්වාගැනීම සඳහා සනීපාරක්ෂක තුවා (ඉවත දැමිය හැකි සහ නැවත භාවිතා කළ හැකි) පැය 4ත් 6ත් අතර කාලය ඇතුලත මාරු කිරීම වැදගත් වේ. සනීපාරක්ෂක තුවා වැඩි කාලයක් පැළඳ සිටීම හරහා සමේ තුවාල ඇතිවීම සහ ප්‍රජනන පද්ධතිය ආශ්‍රිත අසාදන තත්වයන් ඇතිවිය හැකිය.

සනීපාරක්ෂක තුවා භාවිතා කිරීමෙන් පසුව නියමිත බඳුනකට දමා නිසි පරිදි ඉවත් කළයුතු අතර වැසිකිලි තුළට හෝ කොමඩ් තුළට  දමා වතුර ගැසීම සිදු නොකළ යුතුය. මන්දඒ හේතුවෙන් අදාල නල මාර්ග, පයිප්ප ආදිය අවහිර විය හැකි  බැවිනි. ඉවත දැමියහැකි සනීපාරක්ෂක තුවා බොහොමයක් පරිසර හිතකාමී නොවන අතර දිරාපත්වීම සඳහා වසර 600කට අධික කාලයක් ගතවේ. ඒ අනුව අවිධිමත් බැහැර කිරීම් නිසා අපද්‍රවය විශාල ප්‍රමාණයකින් පොළොවේ තැන්පත් වීම සිදුවිය හැකිය. නැවත භාවිතා කළ හැකි සනීපාරක්ෂක තුවා භාවිතයෙන් පසු මද  උණුසුම් ජලය සහ සබන් යොදා සේදිය යුතුය. ඉන් අනතුරුව ආසාදන තත්වයන් ඇති කළ හැකි බැක්ටීරියා සහ දිලීර විනාශ කිරීම සඳහා හිරු එළියට  (UV කිරණ ලැබෙන සේ) අල්ලා හොඳින්  වියලා ගත යුතුය. සනීපාරක්ෂක තුවා සම්පුර්ණයෙන්ම වියළාගත් පසුව මීළඟ ඔසප් දිනවලදී භාවිතා කිරීම සඳහා සිසිල් සහ වියලි ස්ථානයක ගබඩා කර තබාගත යුතුවේ.

භාවිතා කර ඉවත දමන සනීපාරක්ෂක තුවා ඒවායේ වර්ගය සහ පැකැට්ටුවක ඇති සනීපාරක්ෂක තුවා ප්‍රමාණය අනුව මිල පරාසය තීරණය කෙරේ. නමුත්නැවත භාවිතා කිරීමට හැකි සනීපාරක්ෂක තුවා සඳහා වැඩි මුලික පිරිවැයක් දැරීමට සිදු වුවද වාර 36ක් පමණ සෝදා භාවිතා කිරීමේ හැකියාව පවතියි.

  ටැම්පොන්ස් (Tampons) 

ටැම්පොන්ස් යනු කපු සහිතව හෝ රහිතව රෙයෝන් යන අමුද්‍රව්‍යවලින් නිෂ්පාදනය කර ඇති කුඩා උපාංගයකි. මෙය ඔසප් වීමකදී ඔසප් රුධිරය අවශෝෂණය කරගැනීම සඳහා කාන්තාවන්ගේ යෝනි මාර්ගය හරහා යෝනි කුහරයට ඇතුල් කරනු ලැබේ. ඇතැම් ටැම්පොන් උපාංගවල යෝනි කුහරයට ඇතුල් කිරීමට පහසුවන පරිදි ප්ලාස්ටික් හෝ කඩදාසිවලින් සාදනලද කොටසක් ඇත. රුධිරය අවශෝෂණය කරගැනීමේ ක්‍රියාවලියේදී ටැම්පොන්ස් පුළුල් වීමක් සිදුවේ. ටැම්පොන්ස් හි කෙළවර කුඩා නුලක් ඇති අතර පැය  4ත් 6ත් අතර කාලයකින් යෝනි මාර්ගයෙන්  පිටතට ගැනීම සඳහා උපකාර වේ. රුධිර වාහනයේදී සාමාන්‍යක්‍රමවත් සහ අධික වශයෙන් ඔසප් රුධිර වහනයේ ප්‍රමාණයට අනුව පැය 4ත් 6ත් අතර කාලය තුල අනිවාර්යෙන්ම මාරු කිරීම අත්‍යවශය වේ. දිගු වෙලාවක් ටැම්පොන්ස් පැළඳ සිටීමෙන්  කම්පන තත්වයන්, සින්ඩ්‍රෝම තත්වයන් සහ ප්‍රජනන පද්ධතිය ආශ්‍රිත බරපතල අසාදන තත්වයන් ඇතිවිය හැකිය.  පළමු ඇතුල් කිරීම තරමක් අපහසු වියහැකි වුවද වාඩිවී හෝ එක දණහිසක් කොමඩ් එක මත තබා හෝ ටැම්පොන්ස්  පහසුවෙන්  යෝනිමර්ගයට ඇතුල් කළහැකියටැම්පොන්ස් ශරීරයේ  අභ්‍යන්තරව තැන්පත් කර ඇති බැවින්ඒවා භාවිතා කරන්නාට එතරම් අපහසුතාවයක් ඇති නොකරන අතරඑය පැළඳ සිටින අතරතුර පිහිනීමට හෝ වෙනත් ක්‍රියාකාරකම්වලට සහභාගී විය හැකිය. සැමවිටම ටැම්පොන්ස් නිසි පරිදි අදාළ බඳුනකට දමා ඉවත් කළයුතු අතර ඒවා ජිවින්ට හානිදායක වියහැකිය.

ඔසප් කෝප්ප (Menstrual cups)

ඔසප් කෝප්ප (Menstrual cups) වෛද්‍ය ශ්‍රේණියේ සිලිකොන් (medical-grade silicone) වලින් සාදා ඇති අතර ඔසප් රුධිරය එකතු කිරීම සඳහා යෝනිමාර්ගය හරහා ඇතුල්කල යුතුය. මෙම නිශ්පාදනය භාවිතයට පෙර මිනිත්තු කිහිපයක් වතුරේ තම්බා ගතයුතු අතර  පසුව වියලීමට හැර සිසිල් සහ වියලි ස්ථානයක තබාගත යුතුය. විවිධ ඉරියව් භාවිතා කරමින්නිදසුනක් ලෙස වාඩිවී හෝ එක දණහිසක් කොමඩ් එක මත තබා හෝ යෝනිමර්ගයට පහසුවෙන් ඇතුල් කළහැකි අතර ඔසප් කොප්පය යෝනි  මාර්ගයට ඇතුල් කිරීමට පහසුවන පරිදි විෂ්කම්භය අඩු කිරීමට එහි කෙලවරින් නැම්මක් පිහිටා ඇත. . ඔසප් කොප්පය පැය 8ත් 10ත් අතර කාලයක් පැළඳිය හැකිය. මෙම කාලසිමාවෙන් පසුව ඔසප් කෝප්පයේ කෙළවරෙන් පහලට ඇදීමෙන් පහසුවෙන් ඉවත් කරගත හැකිය. ඉන් පසුව ඔසප් රුධිරය කොමඩ් එකට හෝ වැසිකිලියට දමා ඉවත් කර ඔසප් කෝප්පය හොඳින් සෝදාගෙන නැවත භාවිතාකළ හැකිය. ඔසප්වීම අවසන්වු පසු ඔසප් කෝප්පය හොඳින් සෝදා, තම්බා වියලීමට හැර සිසිල් සහ වියලි ස්ථානයක තබාගත යුතුය. ඔසප් කෝප්පය වසර 5ක් දක්වා කාලයක් භාවිතා කළහැකි අතර එය පරිසර හිතකාමී නිෂ්පාදනයක් වේ.      

ඔසප් තැටිය (Menstrual Disc)

ඔසප් තැටිය යනු ඔසප් කෝප්පයට සමාන නවීනතම ඔසප් සනීපාරක්ෂක නිෂ්පාදන වර්ගයකිනමුත් ගැබ්ගෙලට මදක් පහළින් යෝනි මාර්ගයේ ගැඹුරට ඇතුල් කරනු ලැබේ. මෙම නිෂ්පාදනය එක්වරක් භාවිතාකර ඉවත දැමියහැකි නිෂ්පාදන වශයෙන් සහ  නැවත භාවිතා කළහැකි නිෂ්පාදන යන විකල්ප දෙකෙන්ම ලබාගත  හැකිවේ. පැය 12ක කාලයක් මෙම ඔසප් තැටි පැළඳීමේ හැකියාව පවතින නමුත් යම් පුද්ගලයෙකුට අධික රුධිර වහනයක් පවතියි නම් නිතර නිතර ඔසප් තැටිය මාරු කිරීමට අවශ්‍ය වේ. ඔසප් තැටි භාවිතා කරන්නන්ට එය පැළඳ සිටින අතරතුර අවශ්‍ය නම් ලිංගික එක්විමකටද හැකියාව පවතියි.

ඔසප් යට ඇඳුම (Menstrual Underwear)

ඔසප් යට ඇඳුම් සාමාන්‍ය යට ඇඳුම් වලට සමාන නමුත් ඔසප් රුධිරය අවශෝෂණය කර ගැනීම සඳහා තරමක් ගනකම් වූ ලයිනින් තීරුවක් ඇත. අනවශ්‍ය ලෙස රුධිරය කාන්දුවීම වලක්වාගැනීම සඳහාත් අමතර ආරක්ෂාවක් ලබාගැනීම සඳහාත් ඔසප් යට ඇඳුම වෙනත් ඔසප් නිෂ්පාදනයක් සමග භාවිතා කල හැකිය. ඔසප් යට ඇඳුම් සෑමවිටම අතින් සේදීම සිදුකලයුතු අතර එය රුධිර කැටිති ඉවත් කිරීම සඳහා උපකාරී වේ. එසේම, අසාදන තත්වයන්ට හේතුවිය හැකි බැක්ටීරියා දිලිර වැනි අතිතකර තත්වයන් වර්ධනය වීම වැලැක්වීම සඳහා හිරු එළියේ හොඳින් වියළා ගත යුතු අතර සෑම පැය 4ත් 6ත් අතර කාලය තුලදී මෙම යට ඇඳුම් මාරු කිරීම අනිවාර්ය වේ.

ඔසප් නිෂ්පාදන භාවිතයේදී මතක තබාගතයුතු කරුණ වන්නේ භාවිතයට පෙර සහ පසු දෑත් සේදීමයි. හොඳින් දෑත් සේදීම හරහා ප්‍රජනන පද්ධතිය ආශ්‍රිත බැක්ටීරියා ආසාදන වලක්වාගත හැකිය. තවද, ඔසප් නිෂ්පාදන භාවිත කිරීම සඳහා නියමිත කාලසීමාවට වඩා වැඩි කාලයක් ඒවා පැළඳ සිටීමෙන් ප්‍රජනන පද්ධතිය ආශ්‍රිත අසාදන ඇතිවීමේ අවදානම වැඩි කරයි.

ඔබ තෝරාගන්නා ක්‍රමය  කුමක් වුවත්ඔබට වඩාත් ගැලපෙන ක්‍රමය හඳුනාගැනීම ගැනීම හා එක් එක් ක්‍රමයේ වාසි සහ අවාසි සලකා බැලීම අතිශය වැදගත් වේ.

Author

The Family Planning Association of Sri Lanka

අලුත්ම තොරතුරු ලබාගැනීමට එක්වන්න

2024 | Family Planning Association All Rights Reserved
As Imagined By