ඔබගේ ලිංගික සෞඛ්‍යය පිලිබඳව ඔබ පරික්ෂාවෙන්ද? | The Family Planning Association of Sri Lanka

ඔබගේ ලිංගික සෞඛ්‍යය පිලිබඳව ඔබ පරික්ෂාවෙන්ද?

ඔබගේ ලිංගික සෞඛ්‍යය පිලිබඳව ඔබ පරික්ෂාවෙන්ද?

ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන  තත්වයන්  (ලිංගාශ්‍රිත රෝග) ශ්‍රී ලංකාවේ සහ ගෝලීය වශයෙන් සැලකිය යුතු සෞඛ්‍ය අවදානමක් ඇති කරන අතර වයසස්ත්‍රී පුරුෂ භාවයආදී  බේද නොසලකා  පුද්ගලයන්ට බලපෑම් ඇතිකළ හැකිය.

ලිංගිකව සක්‍රීය සියලුම පුද්ගලයන් ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග පිළිබඳව නිරන්තර පරික්ෂා කිරීමෙන් තමන්ගේ ලිංගික යහපැවැත්ම සහතික කරගත යුතු වේ. ලිංගික සෞඛ්‍ය වටා පවතින සාමජිය හේතුතහංචිවිනිශ්චයන් සහ අපකීර්තියට පත්වීම් සම්බන්ධව ඇති බිය නිසා බොහෝ පිරිස් මෙම පරික්ෂා කිරීම් නොසලකා හරිති. කෙසේ නමුත් යම් පුද්ගලයෙකු අනාරක්ෂිත ලිංගික සම්බන්ධතා පවත්වන්නේ නම් හෝ  ලිංගික සහකරුවන්  කිහිප දෙනෙකු සිටී නම් හෝ කිසියම් අසාමාන්‍ය රෝග ලක්ෂණ (පහත දක්වා ඇති පරිදි) අත්විඳින්නේ නම් නිරන්තරයෙන් පරික්ෂාවට ලක්කිරීම  ඉතා වැදගත් වේ. ලිංගික සහකරුවන්ගේ සංඛ්‍යාව කිහිපයක් වුවත් එක් සහකරුවෙක් සමග පමණක් ඉතා ඉන්ද්‍රිය බද්ධ ශාරීරික සම්බන්ධතාවයක් (genital to genital contact) පැවැත්වුවත් ඒ සියලුම දෙනා හට ලිංගාශ්‍රිත රෝග වැළඳීමේ අවදානමක් ඇති බැවින් පරීක්‍ෂා කර ගැනීම වැදගත් වේ.

ලිංගාශ්‍රිතව බෝවන රෝග කල්තියා හඳුනා ගැනීමඉතා ඉක්මනින් ප්‍රතිකාර ආරම්භ කිරීමරෝග ලක්ෂණ හඳුනාගැනීම වඳ භාවය වැනි සංකූලතා වලක්වාගනිමටත් උපකාරී වේ. එසේමබොහෝ ආසාදන තත්වයන් සරල ඖෂධවලින් සුව කළ හැකිය. කෙසේ නමුත් HIV (Human Immunodeficiency Virus) සහ හර්පීස් වැනි ඇතැම් වෛරස් තත්ත්වයන් සුව කළ නොහැකි නමුත් ආසාදනය පාලනය කිරීමට ඵලදායී ප්‍රතිකාර ක්‍රම තිබේ.

මෑත කාලීනව ශ්‍රී ලංකාව තුළ ලිංගාශ්‍රිත රෝග පරික්ෂා  කිරීම සහ ප්‍රතිකාර කිරීම් සම්බන්ධව සියලු දෙනාටම දැරිය හැකි මිලකට සහ සියලුමදෙනාට  එක සේ ප්‍රවේශ විය හැකි ආකාරයේ සරල ක්‍රම පිළිබඳව මුලපිරීම් ගණනාවක් සිදු කර ඇත.

අවධානය යොමු කළයුතු රෝග ලක්ෂණ:

අනාරක්ෂිතව සිදු කරන ලිංගික සබඳතාමුඛ සංසර්ගයගුද සංසර්ගයඉන්ද්‍රිය බද්ධ ශාරීරික සම්බන්ධතා හරහා ලිංගිකව සම්ප්‍රේෂණය වන  රෝග ඉතා පහසුවෙන් පැතිර යා හැකිය. අවාසනාවකටබොහෝ පුද්ගලයින් රෝග ලක්ෂණ නොපෙන්වන බැවින් ඔවුන්ට රෝගය ආසාදනය වුවත්  රෝග ලක්ෂණ නොපෙන්වීම නිසා පැතිර යාමේ වේගය සීග්‍ර විය හැකිය.

රෝග ලක්ෂණ පහත පරිදි දැක්විය හැකිය:

  • යෝනි මාර්ගයෙන් හෝ ශිෂ්ණයෙන් ශ්‍රාවයන් පිටවීමේදී වර්ණයේප්‍රමාණයේ සහ ගන්ධයේ වෙනස්කම් සහිතව ශ්‍රාවයන් පිටවීම.
  • මුත්‍රා කිරීමේදී දැවිල්ලක් හෝ වේදනාවක් දැනීම.
  • යෝනි මාර්ගය හා ශිෂ්ණය ආශ්‍රිත ප්‍රදේශයේ  කැසීම් ඇතිවීම.
  • ලිංගික සංසර්ගයේදී ඇතිවන වේදනාව.
  • ලිංගික ප්‍රදේශයගුද මාර්ගය සහ මුඛය ආශ්‍රිත සමේ තුවාල හටගැනීම.
  • උදරයේ ඇතිවන වේදනාව.
  • තද උණ තත්වය.

කෙසේ නමුත් ලිංගික අවයව ආශ්‍රිත කැසීම හෝ මුත්‍රා පිටකිරීමේදී ඇතිවන වේදනාව ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග තත්වයන් නිසාම හටගන්නා ලක්ෂණ නොවන අතර යෝනි මාර්ගයේ තෙරපුම හෝ මුත්‍රා ආසාදන වැනි වෙනත් තත්වයන් නිසාද ඇතිවිය හැකිය.

කොන්ඩම් භාවිතය වැනි ආරක්‍ෂිත ලිංගික එකතුවීම් හරහා ලිංගාශ්‍රිතව රෝග සම්ප්‍රේෂණයවීමේ අවස්තාව සැලකියයුතු මට්ටමකින් අවම කරගැනීමේ හැකියාව පවතියි.

පරික්ෂාවට ලක්කළ යුත්තේ මොනවාද?

සිදු කලයුතු නිවැරදි පරික්ෂාව කුමක්දැයි හඳුනාගැනීමට නම් මුලික වශයෙන්  සෞඛ්‍ය සේවා වෘත්තිකයෙකුගෙන් උපදෙස් ලබා ගැනීම වැදගත් වේ. අදාල වෛද්‍යවරයා විසින් ඔබගේ ලිංගික සබඳතා පිලිබඳ ඉතිහාසය විමසීමට ලක්කරනු ඇති අතර ලිංගාශ්‍රිතව සම්ප්‍රේෂණය වන රෝග ලක්ෂණ ඇත්දැයි පරික්ෂාවට ලක්කළ  හැකිය.

ලිංගාශ්‍රිතව බෝවන රෝග පිලිබඳ පරික්ෂා කිරීමේදී රුධිර සාම්පල හා  මුඛයෙන්යෝනි මාර්ගයෙන්ගුද මාර්ගයෙන් හෝ ශිෂ්ණයෙන් පිටවන ශ්‍රාවයන්ගේ සාම්පල ලබාගනී. මෙම පරීක්ෂණ සිදු කිරීමේදී සැලකියයුතු මට්ටමේ වේදනාවක් ඇති නොවන අතර ඉතාම ඉක්මනින් අදාල සාම්පල ලබාගැනීම සිදු කරයි.  

වඩාත් බහුලවම ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග අතර ක්ලැමීඩියාගොනෝරියාසිෆිලිස්එච්.අයි.වීහර්පීස්හෙපටයිටිස් බී සහ හෙපටයිටිස් සී යන තත්වයන් හඳුනාගත හැකිය. මෙම රෝග අතරින් පුද්ගලයෙකුගේ ලිංගික සබඳතාවල ඉතිහාසය පිළිබඳව පදනම්ව පරික්ෂා කළයුතු රෝග මොනවාදැයි වෛද්‍යවරයා විසින් තීරණය කරන අතර අමතර පරීක්ෂණ සිදුකරන ලෙසටද ඉල්ලා සිටිය හැකිය. බොහෝ පරීක්ෂණවල ප්‍රතිඵල පැය 48ක් ඇතුළත ලබාගත හැකි අතර ඇතැම් පරීක්ෂණවල ප්‍රතිඵල ලබාගැනීම සඳහා වැඩි කාලයක් ගතවිය හැකිය.

පරීක්ෂණ  සිදු කළහැකි ස්ථාන මොනවාද?

ලිංගාශ්‍රිත රෝග පිලිබඳ පරීක්ෂාවන් සිදු කරගැනීම සහ ලිංගික සහ ප්‍රජනක සෞඛ්‍ය සේවා වෙත ප්‍රවේශ වීමට ස්ථාන ගණනාවක් හඳුන්වා දී ඇත.

ජාතික ලිංගාශ්‍රිත රෝග/ඒඩ්ස් මර්දන වැඩසටහන සහ රජය විසින් ක්‍රියාත්මක කරන 40+ ලිංගිකව සම්ප්‍රේෂණයවන රෝග පිලිබඳ සායන  හරහා  ලිංගික සෞඛ්‍ය සේවාවන් දිවයින පුරා නොමිලයේ ක්‍රියාත්මක වේ.

ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමයට අයත් සායන 8ක් හරහා ලිංගික සෞඛ්‍ය පිලිබඳ සේවාවන් නොමිලයේ හෝ සහනදායි මිලකට සපයනු ලබයි. පරික්ෂා කිරීමේ සේවාවන් පෞද්ගලික අංශය හරහාද සිදුකරගත හැකි අතර  අදාළ සේවාවන් සඳහා මුදල් අයකිරීමක් සිදු කෙරේ.

මෙම ක්ෂේස්ත්‍රයට අදාලව සේවා සපයන පුද්ගලයින් සේවාලාභීන්ගේ වයසස්ත්‍රී පුරුෂ භාවය සහ ලිංගිකත්වය ආදිය  පිළිබඳව නොසලකා තමන්ගේ සේවාදායකයන් ගේ පුද්ගලිකත්වය සහ රහස්‍යභාවය සුරැකෙන අයුරින්  හා සැමට සමානාත්මතාවයෙන් යුතුව සේවය ලබාදීම සඳහා ඔවුන් පුහුණුකර ඇත. එමෙන්මතම සේවාදායකයන් විනිශ්චයන්ට ලක්නොකර  තම සේවාව සැපයීමටත් ඔවුන් පුහුණු කර ඇත. එබැවින් ඔබ ඔබගේ ලිංගික සෞඛ්‍ය පිළිබඳව ප්‍රමුඛතාවය ලබාදී අදම සුදුසු පරික්ෂාව කරවාගන්න!!

Author

The Family Planning Association of Sri Lanka

අලුත්ම තොරතුරු ලබාගැනීමට එක්වන්න

2024 | Family Planning Association All Rights Reserved
As Imagined By