විවිධ උපදේශන ක්ෂේත්‍ර (Fields of Counseling)

උපදේශනය ද අන් විෂයයන් මෙන් ම විවිධ කේෂ්ත්‍ර රැසකින් සමන්විතව ඇත. ඉන් වැදගත් කේෂ්ත්‍ර කිහිපයක් මෙසේ සදහන් කළ හැකිය.

1. මනෝවිද්‍යාත්මක උපදේශනය (psychological Counseling)
සබකෝලය, සමාජ කුසලතා හිගකම, සමාජයෙන් කොන්විම, සිත් තැවුල්, කනස්සල්ල, පලිගැනීම, අක්‍රමණශීලි ගති, සේවා ස්ථානයේ දී පැන නගින දුෂ්කරතා, භීතිකා ආදිය සම්බන්ධව ඇතිවන මානසික ගැටලු ආදිය විසදා ගැනිමට හෝ එම තත්ව වලට සාර්ථකව මුහුණ දීමට පුද්ගලයෙකුට දෙනු ලබන උපදේශනය මෙලෙස හැදින්වේ. මෙහිදි පුද්ගලයාට තමා පිළිබදවත්, ඔහුගේ ගැටලුව පිලිබදවත් අව‍බෝධයක් ලැබේ. එමෙන් ම තම ශක්තිය හා දුර්වතාවයන් පිලිබදවත් ඔහු දැනුවත් වේ. ඉහත කී පරිදි අහිතකර මානසික  ආවේගවලින් මිදී තම මනෝවිද්‍යාත්මක අවශ්‍යතා සපුරාගැනීමට හා යහපත් මානසික සෞඛය පවත්වා ගැනිම සදහා සහාය වීම මනෝවිද්‍යාත්මක උපදේශනය ‍වශයෙන් හැදින්වේ.

2. අධ්‍යාපනික උපදේශනය (Educational Counseling)
ඉගෙනීම හා ඉගැන්වීම යන ක්‍රියාවලි දෙකම ආශ්‍රිතව ගුරු=සිසු දෙපක්ෂයට ම ඇතිවන ගැටලු ජයගැනීම හා ඒවාට සාර්ථකව මුහුණදීමට දෙනු ලබන සහාය අධ්‍යාපනික උපදේශනය ලෙස හැදින්වේ. බහුල වශයෙන් සිසුන් මුහුණ දෙන ගැටලු වශයෙන් සැලකෙන පාඩම් කරන කරුණු ඉක්මණින් ම මතකයෙන් ගිලිහී යාම, ගුරුවරයා උගන්වන ක්‍රමයට ඇති අකමැත්ත, පාඩම් නී රසවීම්, පාඩමට අවධානය යෙදීමට ඇති දුෂ්කරතා, ටියුෂන් පන්ති වලදී හා පාසැලේ දී ඇතිවන අධික වෙහෙස ආශ්‍රිත ගැටලු, විෂයයන්, අධ්‍යාපනය හා පාසැල එපාවීම, ඇසීම පෙනීම ආදි ඉන්ද්‍රිය දුර්වලතාවයක් නිසා ඇතිවන දුෂ‍්කරතා විභාග බිය, ඉගෙනුම් කටයුතු සංවිධානය කරගැනීමේ අපහසුව, තම උසස් අධ්‍යාපනය සදහා යම් විෂය කේෂ්ත්‍රයක් තෝරාගැනිමේ දුෂ්කරතාවය යනාදිය මෙහි ද සදහන් කළ හැකිය.

ඊට අමතරව ඉගැන්වීමේ ක්‍රියාවලියේ නියැලෙන ගුරුවරයා මුහුණ දෙන ගැටලු වශයෙන් ශිෂ්‍යයා කනස්සලෙන් සිටිම, ශිෂ්‍්‍යයින්ගේ අධ්‍යාපන ප්‍රගතිය ක්‍රමයෙන් පිරිහීම, ඉගෙනීමට දක්වන උනන්දුව අඩුවීම සමහර විෂය කරුණු ධාරනය කරගැනීමේ අපහසුතාව, විභාගවල දී තාමා අපේකෂා කළ මට්ටමට වඩා සිසුන් අඩු ලකුණු ලබාගැනීම, තමා උගන්වන විෂය කරුණු සිසුනට අවබෝධ කරගැනීමට ඇති අපහසුව, ශිෂ්‍යයින‍්ගේ අවධානය දිනා ගැනිමට අපහසුවීම, තමාට ඉගැන්වීමට එපාවීම යනාදී සමහරක් දැක්විය හැකිය.

මේ නිසා ඉගෙනුම් ඉගැන්වීම් යන දේපක්ෂයම වඩා ඵලදායි කරගැනීමට සුදුසු තත්වයන් ගොඩනැගීම සදහා ගුරු සිසු දෙපක්ෂයට ම අවශ්‍ය සහාය ලබාදීම අධ්‍යාපනික උපදේශනයේ සිදුවේ. ඒ අනුව සිසුන්ගේ කුසලතා ලැදිකම් හා අවශ්‍යතාවයන් නිවැරදිව අනාවරණය කරගැනිම ගුරුවන්ට මෙන් ම සිසුන්ට ද අධ්‍යාපනික  වැඩ පිළිවෙල මනාව සකස් කරගැනිමේ දී මහෝපකාරිවේ. මේ සදහා අවශ්‍ය සහාය ලබාදිම අධ්‍යාපනික උපදේශනයට අයත්ය.

3. වෘත්තිය උපදේශනය (Vocational/ Career Counseling)
පුද්ගලයෙකුට සිය වෘත්තිය තෝරාගැනිමටත් ඒ සදහා අවශ්‍ය වන කුසලතා ඇති කරගනිමින්, සුදානම්වීමටත් , එම රැකියාවට පිවිසීමටත්, තමා කරන රැකියාවේ දියුණුවක් ඇති කරගැනීමටත් උපකාරිවීම වෘත්තිය උපදේශනයට අයත්ය.
පුද්ගලයාට තමාගේ රුචීන්, දක්ෂතා, හැකියා හදුනාගෙන ඒ අනුව වෘත්තියකට පිවිස එහි දියුණුවට පත්වීමට අවශ්‍ය සහාය වෘත්තිය උපදේශනය තුලින් ලැබේ. එසේ ම අද ලෝකයේ පවතින රැකියා අවස්ථා, ඒ සදහා තිබිය යුතු සුදුසුකම්, තිබිය යුතු දක්ෂතා අවශ්‍ය පෞරුෂ ගුණාංග ආදිය පිළිබදව ද පුද්ගලයාට අවබෝධයක් ලබා දෙන අතරම ඔහුගේ අවශ්‍යතාව පරිදි අදාළ ගුණාංග තමා තුළ වර්ධනය කරගැනිමට සහාය වීමත් ද සිදු කරයි.

රැකියාවක් සදහා ඉල්ලුම්පත් සැකසිම, සම්මුඛ පරික්ෂණ වලට පෙනී සිටීම ආදිය පිළිබදව රැකියා අපේකෂකයන්ට  ඇතිවන ගැටලු නිරාකරණය කිරීමට ද මෙහි දි උපකාර වෙයි.

ඒ අනුව විශේෂයෙන් ම පාසැල හැරගිය හා හැරයාමට සැරසෙන සියලුම සිසුනට තම වෘත්තිය ජිවිතය නිසි පරිදි සකසා ගැනිමට අවශ්‍ය පදනම සකස් කරගැනීම උදෙසා වෘත්තිය උපදේශනය පිටුවහලක් වන බව කිව යුතුය.

4. පවුල් උපදේශනය (Family Counseling)
අඹු-සැමි සබදතා, ප්‍රේම සබදතා, දෙමව්පිය දරු සබදතා ආශ්‍රිත දුෂ්කරතා පිළිබදව කරනු ලබන උපදේශන කාර්යයන් මින් අදහස් කෙරේ.

විශේෂයෙන් ම පවුල් ඒකකය තුළ සුරාපානය, අනියම් සබදතා වැනි විවිධ අකටයුතුකම් තුලින් ඇතිවන විවිධාකර මානසික පිඩාවලින් මිදීමට අවශය මග පෙන්වීම උපදේශනයෙන් ලබාගත හැකි අතර අසාර්ථක පවුල් ජිවිතය ප්‍රතිසංවිධානය කරගැනිමට සහයවිම ද, සාර්ථක පවුල් ජවිතයකට ඇති තර්ජන වලක්වා ගැනිමට ද පවුල් උපදේශනය ප්‍රයෝජනවත් වෙයි.

තව ද පවුලක සාමාජිකයෙකු වශයෙන් සාර්ථකව කටයුතු කිරීමටත් පවුල කෙරෙහි ඉටුවිය යුතු යුතුකම් හා වගකිම් මැනවින් අව‍බෝධ කරගෙන ඒවා නිසියාකාරව ඉටුකරමින් තෘප්තමත් ජිවිතයක් ගතකොට හොද ප්‍රජාතන්ත්‍රවාදී පවුල් සංස්ථාවක් ගොඩනගා ගන්නා අයුරු වටහාගැනිමත් පවුල් උපදේශනයෙන් ලද හැකි ප්‍රයෝජන අතර වෙයි.

5. ලිංගික උපදේශනය (Sexual Counseling)
ලිංගිකත්වය, ප්‍රජනන සෞඛ්‍යය හා ලිංගික ගැටලු ආදිය පිළිබදව ලබාදෙන උප‍ෙද්ශනය මේ වර්ගයට අයත්ය. නව යෞවන වියේ සිටින තරුණ තරැණියන්ට ද වැඩිහිටි හෝ වියපත් සැමට ලිංගික කරුණු පිළිබදව පැන නගින ගැටලුකාරි තත්ව වලින් මිදීමට ලිංගික උපදේශනයෙන් උදව්වෙයි.

6. ව්‍යසන උපදේශනය (Trauma Counseling)
භුමි කම්පා, කුණාටු, ගිනිතැබීම් ආදි ස්වභාවික විපත් මෙන් ම බෝම්බ පිපිරීම් යුද්ධ හා අත්අඩංගුවට පත්වීමෙන් ඇතිවු හිංසාවන් ආදිය හේතුකොට ගෙන ඇති වන මානසික පිඩාකාරී තත්ත්වයන් සදහා සැපයෙන උපදේශන සේවා මෙම ගණයට අයත්වේ.

7. මත්ද්‍රව්‍ය උපදේශනය (Drug Counseling)
මත්පැන්, මත්ද්‍රව්‍ය වලට පුරුදු වු අයට ඉන් මිදීමට උදව් කිරිෙම් කාර්යය මත්ද්‍රව්‍ය උපදේශනය තුලින් සිදු කරනු ලබයි. ඒ අනුව දැනට මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන්ට ඉන් මිදිමට අවශ්‍ය ශක්තිය ලබාගැනිමටත්, අනාගතයේ මත්පැන් භාවිතයෙන් මුලුමනින් ම අවශ්‍ය පසුතලය සකසා ගැනිමටත් මෙම උපදේශනය තුලින් හැකියාව ලැබේ.

උපදේශන සේවා ප්‍රවේශයන්
නුතන උපදේශන විද්‍යාත්මක ක්‍රියවලියක් බව ද එය පිළිගත් උපදේශන සේවා දර්ශනයක් මත සිට කරනු ලබන්නක් බව ද ඉහත දී සදහන් කරන ලදී. ඒ අනුව යමෙකුගේ පෞද්ගලික අදහස්, උදහස්, ආකල්ප, අත්දැකිම්, මතිමතාන්තර හා විශ්වාස ආදිය පමණක් සැලකිල්ලට ගනිමින් මනෝවිද්‍යාත්මක, අධ්‍යාපනික, පවුල් හා වෘත්තිය වැනි කේෂ්ත්‍ර ආශ්‍රිතව ගැටලු විසදාගැනිමට උත්සාහ කිරිම උපදේශනය නොවේ. එමෙන් ම එලෙස පෞද්ගලික අත්දැකිම් පදනම් කරගනිමින් යමෙකු උපදේශනය කිරිමේ උත්සාහයක නිතරවේ නම් එය සාර්ථක වන්නේ ද නැත. මන්ද පුද්ගලයෙක් සිය ජිවිත කාලය තුල දී ලබන අත්දැකිම් ඉතා සීමාසහිත හා එකිනෙකාට අනන්‍යය වු ස්වභාවයක් ගන්නා බැවිනි. එම නිසාම යමෙක් තමාගේ කෙටි ජිවිත කාලය තුල දී ලබන අත්දැකීම් පමණක් පදනම් කරගනිමින් අන් අයෙකුගේ ගැටලුවක් දෙස බැලීමට උත්සාහ ගන්නේ නම් එය හුදු බොළද ක්‍රියාවක් වනු ඇත.

ඒ අනුව පුහුණු වෘත්තීය උපදේශකවරයෙකු පුද්ගලයෙකු දෙස හෝ ගැටලුවක් දෙස බලන්නේ සාමාන්‍ය අයකු මෙන් පෞද්ගලික අත්දැකිම් පමණක් පදනම් කරගෙන නොවන අතර, ලෝකයේ එදා මෙදා තුර උපදේශන වෘත්තිය ගොඩ නැගී ඇති පිළිගත් වෘත්තිය උපදේශන න්‍යායන් සමුහයකින් පෝෂණය ලැබු උපදේශන සේවා දර්ශනයක පිහිටමිනි. මේ නිසා මෙවැනි උපදේශන සේවා ප්‍රවේශයන් සහය කරගන්නා උපදේශකවරයෙකුගේ විශ්වාස හා ඇදහීම් පද්ධතිය ද නිසැකයෙන් ම වඩා සාධාරණ වෙයි. එසේ ම ඔහු විසින් කරනු ලබන ඇගයීම් ද වඩා විද්‍යානුකුල වන අතර එය හුදෙක් සාමාන්‍ය පුද්ගලයෙකුගේ දෘෂ්ටිකෝණයකට වඩා මුලුමනින් ම වෙනස් වු උපදේශන වෘත්තිමය පදනම මත පිහිටා කරනු ලබන්නක් වෙයි.

ලංකාවේ බෙ‍‍ාහෝ දෙනෙකු උපදේශනය පිළිබද අසා ඇති නමුත්, උප‍ෙද්ශන සේවාව පිළිබදව නිස‍ියාකාරව දැනුවත් වී තිබේ ද යන්න සැක සහිතය. මනෝවිද්‍යාත්මක උපදේශනය පිළිබද අවබෝධයක් නොමැතිකම නිසාම ලංකාවේ උපදේශන වෘත්තිය වෙනත් වෘත්තීන් සමග පටලවා ගැනිමක් සිදුවනු දක්නට ලැබෙන අතර එවන් වෘත්තීන් අතුරින් උපදේශන වෘත්තිය බහුල වශයෙන් පටලවා ගනු ලබන්නේ වෛද්‍ය වෘත්තිය සමගය. නමුත් මේ වන විට ලෝකයේ බොහෝ දියුණු රටවල මෙම එක් එක් වෘත්තින් හි වෙනස මනාකොට වටහා ගෙන ඇති අතර, එය වෘත්තියේ ප්‍රගමනය ‍කෙරෙහි මෙන් ම වෘත්තියේ පිහිට ලබන්නන්ගේ යහපත කෙරෙහි ද බෙහෙවින් ම වැදගත්ය.

ඒ අනුව ඉතා පැහැදිලි වශයෙන් ම වෛද්‍ය වෘත්තිය හා උපදේශන වෘත්තිය යනු එකිනෙකට ස්වාධීන වෘත්තින් දෙකකි. මෙම වෘත්තින් දෙක අතර පැහැදිලි සමානතා මෙන් ම අසමානාතා ද දක්නට ලැබිම සාමාන්‍ය ස්වභාවයයි. මෙම වෘත්තින් දෙකම තුලින් ම උත්සාය ගන්නේ පුද්ගලයා සුවපත් කිරිමට ය. වෛද්‍යවරයෙක් තම රෝගියාගේ කායික අංශයට වැඩි අවධානයක් යොදන අතර, උපදේශකවරයෙක් වඩාත් අවධානය යොදවන්නේ තම සේවාලාභියාගේ මානසික (psychological) අධ්‍යාත්මික  (spiritual) අංශවලටය.

16 වන ශතවර්ෂයේ ජීවත් වු ප්‍රංශ දාර්ශනිකයෙකු වු රෙනේ දෙකාර්ත් විසින් පුද්ගලයාව මනස හා ශරීරය වශයෙන් කොටස් දෙකකට බෙදීමෙන් පසුව මනස පිළිබද විද්‍යාව වෙනමත්, ශරීරිය පිළිබද විද්‍යාව වෙනමත් වශයෙන් අංශ දෙකක් ඔස්සේ වර්ධනය විය. ඒ අනුව ශරිරය පිළිබද විද්‍යාව වෛද්‍ය විද්‍යාව (Medicine) වශයෙනුත් මනස පිළිබදව විද්‍යාව මනෝ විද්‍යාව (psychology) වශයෙනුත් දියුණු වන්නට විය

ඊට අමතරව ශරිරයේ ඇතිවන රසායනික වෙනස්කම් විශේෂයෙන් ස්නායු පද්ධතියේ (Nervous system) ඇතිවන ආබාධ /රෝගි තත්වයන් නිසා ඇතිවන මානසික රෝගි තත්ත්වයන් සදහා ප්‍රතිකාර කිරීම සදහා මනෝවෛද්‍ය විද්‍යාව නමින් වර්ධනය වු සුවිශේෂි විෂය කේෂ්ත්‍රයක් වෛද්‍ය විද්‍යාවේ පවති. ඒ අනුව කායික පදනමක් මත ගොඩනැගුනු මානසික රෝගවලට ඖෂධ ප්‍රතිකාර (drug therapy)  කිරිමක් මනෝ වෛද්‍ය විශේෂඥ යනුවෙනි. මේ සදහාම පුහුණු කල  විශේෂ වෛද්‍යවරුන් මෙම කේෂ්ත්‍රය තුළ දක්නට ලැබෙන අතර, ඔවුන් මනෝ වෛද්‍ය විශේෂඥයින් (psychiatrists) ලෙස හැදින්වේ.

නමුත් උපදේශකවරුන්ගේ කාර්යභාරය ඉහත සදහන් කළ අන්දමේ මනෝ වෛද්‍යවරයෙකුගේ කාර්යාභාරයට වඩා තරමක් වෙනස් වු එකකි. උපදේශකවරයෙක් තමා‍ගේ සේවාලාභියාට ඖෂධ නියම කිරිමක් සිදු නොකරන අතර, ඒ වෙනුවට ඔහු තම සේවාලාභියාට ලබා දෙන්නේ මනෝප්‍රතිකාර වේ. (psychotherapy)

මේ ප්‍රතිකාර මනෝවිද්‍යාත්මක පදනමක් මත ගොඩනැගුණු ඒවා වන අතර පෙති, කරල්, වතුර එන්නත් ආදි කිසිම ඖෂධ ප්‍රතිකාරයක් මනෝවිද්‍යාත්මක ප්‍රතිකාරවල අන්තර් නොවේ. එම නිසා එම ප්‍රතිකාර,  (Non Drug Therapy) ලෙසද හදුන්වයි.

මානසික රෝග පිලිබද විශේෂඥ වෛද්‍යවරයෙක් (Psychiatrist) කායික පදනමක් මත ඇති වු තදබල මානසික රෝගවලට ප්‍රතිකාර කරන අතර, උපදේශකවරයෙක් එපමණ තදබල නොවන නමුත් පුද්ගලයාට ඇති කරන කාංසාත්මක ගැටලු සදහා ප්‍රතිකාර කරයි. කාංසාත්මක ගැටලු වල දී යම් පුද්ගලයෙකුට එය කායික රෝගයක් ලෙස පෙනි යා හැකි නමුත් එබදු ගැටලුවලට ඖෂධ ප්‍රතිකාරවලින් තොර වු මනෝ ප්‍රතිකාර වලින් සුවයක් ලබාදිය හැකිය. ඇත්ත වශයෙන් ම උපදේශකවරයා හා වෛද්‍යවරයා අතර වෘත්තියමය වශයෙන් සුහදශිලි මිත්‍රවයක් පවතින අතර දෙදෙනාගේ ම ඒකායන අරමුණ වන්නේ තම සේවාව ලබන්නාගේ සුබසෙත සැලසිමයි. නිසි ලෙස ‍තම සච්චාරිත්‍ර ධර්ම පිළිපදින වෛද්‍යවරයෙක් හෝ උප‍දේශකවරයෙක් එකිනෙකාගේ වෘත්තින් වල දේශසිමාවලින් ඔබ්බට ගමන් කර ප්‍රතිකාර කිරිමක් සිදු නොකරයි.

අනෙක් අතට වෛද්‍ය විද්‍යාව ඉගැන්වීම හා ප්‍රතිකාර කිරිම කළ යුත්තේ, වෛද්‍ය විද්‍යාව උගත් පුහුණු වෛද්‍යවරුන් විසින් පමණක් වන අතර ඒ ආකාරයට ම උපදේශන ඉගැන්වීම , පුහුණු කිරීම හා උපදේශන වෘත්තියේ යෙදීම කළ යුත්තේ ද මනෝ විද්‍යා උපදේශනය උගත් පුහුණුව  ‍ලැබු හා උපදේශණ සේවා සත්චාරිත්‍ර ධර්ම පිලිපදින උපදේශකවරුන් විසින් පමණක් බව වටහා ගත යුතු කරුණකි. මෙ‍ෙස් තම වෘත්තිය සිමාවන් හදුනාගෙන කටයුතු කිරීම ඒ ඒ වෘත්තීන් වල ගරුත්වය රැකිමට හේතු වන අතරම එම තත්වය අදාල සේවාව ලබා ගන්නා පුද්ගලයින්ගේ යහපත පිණිස ද හේතු වේ.

මෙම ලිපිය අවසන් කිරීමට ප්‍රථම පාඨක ඔබගේ පහසුව පිණිස උපදේශනයන් ලබා ගත හැකි ප්‍රතිලාභ පිලිබදව සාරාංශ කොට දැක්විම සුදුසු යැයි සිතමි.

උපදේශනයන් සේවාලාභියාට ලැබෙන ප්‍රතිලාභ ප්‍රධාන අංශ 3ක් යටතේ විස්තර කළ හැකිය. ඉන් පළමුවැන්න වන්නේ උපදේශනයේ ප්‍රතිකාරාත්මක (Treatment) අංශයයි. සේවාලාභියා පෙළෙන ගැටලු වලට මනෝ ප්‍රතිකාර (Psychotherapy) භාවිතයෙන් සුවයක් ලබාගැනිමට සැලසිම මෙමගින් සිදුවේ. පුද්ගලයන් බොහෝවිට මානසික පිඩා හෙවත් ක්ලමථ (stressors) විවිධ භීතිකාවන් (phobia) හෝ වෙනත් කාංසා අක්‍රමතා (Anxiety Disorders) හෝ ලිංගික ගැටලු ආදියෙන් පෙළෙන විට මනෝ ප්‍රතිකාර භාවිත කිරීම අවශ්‍ය වෙයි. ඉහත සදහන් කළ ආකාර ගැටලුවක් හෝ වෙනයම් ආකාරයක මානසික අක්‍රමතාවයක් ඇති වි ඇත්නම් ඒ සදහා භාවිතා කළ හැකි විවිධාකාර මනෝ ප්‍රතිකාර තිබේ. චර්යා ප්‍රතිකාර (Behavioral Therapy) මනෝ විශ්ලේෂණ ප්‍රතිකාර (Psychoanalytic therapy) ප්‍රජානන ප්‍රතිකාර (Cognitive Therapy) ආදිය ඉන් කිහිපයක් වන අතර මේවා භාවිතා කරමින් පුද්ගලයා හට ඇති වී ඇති ගැටලුකාරි තත්වයෙන් ඔහුට මිදිමට අවශ්‍ය සහාය ලාබාදිය හැකිය.

උපදේශනයේ දෙවැනි වැදගත් අංශය වන්නේ වලක්වා ගැනිම හෙවත් නිවාරණ අංශයයි. (Prevention) මීට ඉහත දී සදහන් කළ ප්‍රතිකාර අංශයේ දී ප්‍රතිකාර ක්‍රම සේවාලාභියාට පුරුදු පුහුණු කිරන විටම අනාගතයේ දී ඇතිවිය හැකි ගැටලු වලක්වා ගැනීමට ද සේවාලාභියා පුහුණු කරයි. ගැටලු ඇතිවන ආකාරයත් එම ගැටලුව ඇතිවීමට හේතුවන කරුණු කාරණාත් උපදේශනයේ දී අවබෝධ කරගන්නා සේවාලාභියා අනාගත ගැටලු ඇතිවීමට තිබෙන ඉඩකඩ වසා දැමීමට ක්‍රියා කරයි.

තෙවැනි වැදගත් අංශය වන්නේ පුද්ගල සංවර්ධනයයි (personal development). ගැටලුවලින් මිදිමට හා ගැටලු ජය ගැනිමට අවශ්‍ය ශක්තිමත් පෞරුෂයක් ගොඩනැගිම මෙම අංශයේ දී සිදු වෙයි. විශේෂයෙන් ම පුද්ගලයාගේ මානසික හා අධ්‍යාත්මික වර්ධනය කෙරෙහි වැඩි අවධානයක් උපදේශන කාර්යයයේ දී යොදනු ලබයි. ඊට අමතරව ඔහුගේ කායික, චිත්තවේගික, සාමාජීය, සංස්කෘතික වර්ධනය කෙරෙහි ද උපදේශනයේ දී අවධානය යොදවයි. ඉහත කී වර්ධනයන් වල අඩුපාඩු හා දුෂ්කරතා පවති නම් පුද්ගල ගැටලු ඇතිවන අතර උපදේශනයේ දී ඒ අදාළ අඩුපාඩු හදුනාගෙන සිය පරිනතිය කරා යෑමට සේවාලාභින්ට සහය වෙයි.

ඉහත කී කරුණු සියල්ලෙන් ම පෙනි යන්නේ උපදේශනය ලබන්නාට දැනට ගැටලු තිබේ නම් ඒවා ජයගැනීමටත්, අනාගත ගැටලු වලක්වාගැනීමටත් සමස්ථයක් වශයෙන් තම පෞරුෂ්‍යය වර්ධනය කරගැනීමටත් උපදේශනයෙන් මහගු සහයක් ලැබෙන බවයි.

මේ අනුව කිව හැක්කේ උපදේශණය යන්න කායික හා මානසික ගැටලුවකින් පිඩා විදින්නෙකුට එයින් මිදීම සදහා උපකාරයක් කරගත හැකිවාක් මෙන් ම සුවිශේෂි වශයෙන් ගැටලුවක් නොමැති තැනැත්තන්ට ද ස්වකීය පෞරුෂය සංවර්ධනය ලගා කරගැනිම සදහා උපදේශනයේ මහගු පිටිවහලක් ලබා ගතතහැකි බවයි. ඒ නිසා වර්තමාන ලෝකයේ විදිය හැකි විෂය කේෂ්ත්‍්‍රයක් ලෙස දැක්වෙන අතර එනිසාම එය සැමට උපදේශනය (Counseling for All)  යන්න ප්‍රධාන තේමාව කොටගෙන ක්‍රියාත්මක වෙයි