මනෝවිද්‍යාත්මක උපදේශනය

දැන් අපි මනෝවිද්‍යාත්මක උපදේශනයේ ඉතිහාසය ගැන මදක් විමසා බලමු. අවිධිමත් ලෙස ඉත‍ා ඈත අතිතයේ පටන් උපදේශන කාර්යය යම් ප්‍රමාණයකින් සිදුවුව ද නුතන මනෝවිද්‍යාත්මක උපදේශනයට එතරම් දිගු කාල පරිච්ජේදයක් නොවන බව අපට පැහැදිලය. 1908 වර්ෂයේ දෘ ෆ්‍රැන්ද් පාසන් නම් ඇමෙරිකානු ජාතිකයා වෘත්තීය කාර්යාංශයක් ආරම්භ කිරීම, උපදේශනය යම් වෘත්තීය කාර්යයක් ලෙස ආරම්භ වීමට හේතු වු මුල්ම වැදගත් සිදුවීම ලෙස  සැලකේ. පාසන්ගේ ආරම්භක කාර්යයේ දී උප‍ෙද්ශනය හුදෙක් උපදේශන කාර්යයක් ලෙස නොව මාර්ගෝප‍ෙද්ශයක් ලෙස ඇරඹුනි. එතැන් පටන් විවිධ වැදගත් සිදුවීම් හා සොයාගැනීම් ද විද්‍යාඥයන්ගේ පර්යේෂණ ද හේතුකොට ගෙන උපදේශන වර්ධනය වුවද අද අප භාවිත කරන නුතන මනෝවිද්‍යාත්මක උප‍ෙද්ශනයට ශක්තිමත් පදනමක් වැටුනේ 1950 ගණන් වල දී කාල් රොජර්ස් නැමැති මනෝවිද්‍යාඥයාගේ කාර්යභාරය නිසාය. මේ නිසා නුතන උපදේශනය යනු පුද්ග‍ලයෙකුගේ හෝ පුද්ගලයන් කණ්ඩායමකක මනෝ විද්‍යාත්මක, අධ්‍යාපනික, වෘත්තීය, සමාජීය හෝ පවුල් ජීවිතය පිළිබද ඕනෑම ගැටලුවක දී එම පුද්ගලයාට හෝ එම කණ්ඩායමට අදාල ගැටලුව නිසියාකාරව අව‍බෝධ කරගෙන ඊට සාර්ථකව මුහුණ දීමට අවශ්‍ය ශක්තිය තමන් තුළ වර්ධනය කර ගැනීම පිණිස අවශ්‍ය මග පෙන්වීම, ප්‍රතිකාර ලබාදිම හා ආධාරක සේවා සැපයීමකී.

උපදේශනයේ පියා ලෙස සැලකෙන්නේ ද කාල් රොජර්ස්ය. අදවන විට උපදේශනය ස්වාධින වෘත්තියක් හා වෙනමම විෂය ක්ෙෂ්ත්‍රයක් බවට සංවර්ධනය වී තිබේ. මෙම සංවර්ධිත තත්ත්වයට ලගාවීම සදහා උපදේශන ක්ෙෂ්ත්‍රයට වෙනත් විෂය ක්ෙෂ්ත්‍ර ගණනාවක පෝෂණය ලැබී ඇත. එවැනි විෂය ක්ෙෂ්ත්‍ර අතුරින් උපදේශනයට වඩාත් ම බලපෑමක් ඇති කල විෂය ක්ෙෂ්ත්‍රය වන්නේ මනෝවිද්‍යාවයි. සත්‍ය වශයෙන් ම මනෝවිද්‍යාව යනු උපදේශන විෂය වශයෙන් දැක්වීම වඩාත් නිවැරදිය. මේ නිසා ප්‍රබල මනෝ විද්‍යා අධ්‍යාපනයකින් තොරව උපදේශනය ඉගෙනුම දුෂ්කරය.

උපදේශනය යනු උපදෙස්  දීම නොවන බව ඉතා පැහැදිලව සදහන් කිරීම මෙහිදි වැදගත්ය. උපදෙස් නැතහොත් අවවාද වැඩිහිටි අයෙකුගෙන් නැතහොත් ඇතැම්විට හොද මිතුරෙකු‍ෙගන් හෝ වෛද්‍යවරයෙකුගෙන් ලබාගත හැකිය. දෙමාපියෝ හෝ ගුරුවරු ද දරුවන්ට උපදෙස් දෙති. උපදෙස් දීමේ දී ඒ තුළ යම් ආධිපත්‍යයක් දක්නට ලැබේ. මෙය කරන්න, මෙය නොකරන්න යනුවෙන් යම් තරමක අණදීමක් ද ඒ තුළ පවතී. ඔබ එසේ පැවසුවේ ද මන්ද යනුවෙන් ප්‍රශ්න කිරිමක්  උපදෙස් ලබන්න‍ාගෙන් අපේක්ෂා‍ නොකෙරේ. එහිදි උපදෙස් දෙන්නාගේ මතය උපදෙස් ලබන්නා වෙත සපයනු ලබන අතර, උපදෙස් ලබන්නාගේ මතය වැඩි සැලකිල්ලක් දකවනු නොලැබේ. මේ නිසා උපදෙස් දීම ඒකපාර්ශවීක සබදතාවක් වෙයි. මෙය කරන්න බැරිනම් මිය යන්න බදු අදහසක් එහි ගැබ් පවතියි.

නමුත් උපදේශනය එසේ ඒක පාර්ශවික සබදතාවයක් නොවන අතර එහිදි උපදේශකවරයා (Counselor) සහ උපදේශනය ලබන්නා හෙවත් සේවාලාභියා (Client)  අතර සජීවි මෙන්ම මිත්‍රශිලී ලෙස අදහස් හුවමාරුවක් සිදුවෙයි. එමෙන්ම උපදේශනය පෞද්ගලික ආකල්ප, අදහස් හා උදහස් හෝ මත අනුව නොව පිළිගත් දාර්ශනික පදනමක් මත ක්‍රියාත්මක වන්නකි. මේ නිසා විද්‍යානුකුල පදනමක් මත පිහිටා උපදේශන කටයුතුවල යෙදිමේ අවශ්‍යතාවය අද පිළිගැනේ.

ඒ අනුව යමෙකුගේ පෞද්ගලික අදහස් උදහස් ආකල්ප, අත්දැකිම් හා විශ්වාස ආදිය පමණක් සැලකිල්ලට ගනිමින් මනෝවිද්‍යාත්මක, අධ්‍යාපන, පවුල් හා වෘත්තිය වැනි කේෂ්ත්‍ර ආශ්‍රිත ගැටලු විසදා ගැනීමට උත්සාහ කිරිම උපදේශනය නොවේ. මෙලෙස දෙනු ලබන උපදේශනවල සාර්ථකත්වය ද අඩුවිය හැකිය. ඒ ‍යමෙකු සිය ජිවිත කාලය තුළ ලබන අත්දැකිම් ඉතා සීමිත බැවිනි. තමාගේ කෙටි ජීවිත කාලයේ දී අත් දකින ලද දේ මත පමණක් පිහිටමින් ඒ අනුව අන් අයෙකුගේ ගැටලුවක් දෙස බැලීම හෝ විසදීමට උත්සාහ කිරීම බොළද ක්‍රියාවකි.

පුහුණු වෘත්තීය උපදේශකවරයෙකු පුද්ගලයෙක් දෙස හෝ ගැටලුවක් දෙස බලන්නේ සාමාන්‍ය අයෙකු ලෙස තම අත්දැකිම් පමණක් පදනම් කරගනිමින් නොවේ. ඔහු එසේ කරන්නේ ලෝකයේ මෙතෙක් බෙ‍ාෙ‍හා් විද්‍යාගඥයෝ සොයාගනු ලැබු දිර්ඝ කාලයක් තිස්සේ පර්යේෂණ වලින් ඔප්පු කරනු ලැබු පිළිගත් උපදේශන න්‍යායන් සමුහයකින් ‍පෝෂණය වු උපදේශන සේවා දර්ශනයක පිහිටමිනි. මේ නිසා මෙවැනි උපදේශන සේවා ප්‍රවේශයන් (counseling approaches) සහාය කරගන්නා උපදේශකවරයෙකුගේ විශ්වාස සහ අත්දැකිම් නිසැකයෙන් ම වඩා සාධාරණ වෙයි එසේම ඔහු විසින් කරනු ලබන ඇගයිම වඩා විද්‍යානුකුල ද වෙයි.

පුහුණු උපදේශකවරයෙකු යම් පුද්ගලයෙකුගේ ගැටලුවක් දෙස බලන්නේ පුද්ගල බද්ධතාවයෙන් තොරවය. උපදේශකවරයා ගුරුකොට ගන්නේ තමා උගත් උපදේශක සේවා ප්‍රවේශ ඇතුලත් උපදේශන සේවා දර්ශනයයි. මේ නිසා පුහුණු උප‍දේශකවරයෙකු භාවිත කරනු ලබන ප්‍රතිකාරක වැඩ සැලසුම් හා ක්‍රමෝපායන් නිසැකවම ඉතා කාර්යක්ෂම හා ප්‍රතිඵලදායක වන්නේය.

උපදේශන සේවා ප්‍රවේශයක් යනු උපදේශන ක්‍රියාවලියේ දී යම් පුද්ගලයෙකුගේ හෝ යමෙකුගේ ගැටලුවක් පිළිබදව හෙලනු ලබන විමර්ශනාත්මක බවින් යුතු මනෝ විද්‍යාත්මක දෘෂ්ටියකි. එම නිසා උපදේශනයේ දී උප‍ෙද්ශන සේවා ප්‍රවේගයක් භාවිතා කිරීම වු කලි අදුරේ ගමන් කරන්නෙකු විදුලි පන්දමක් භාවිතා කිරීම තුළින් තම ගමන් මාර්ගය ආලෝකමත් කර ගැනිමක් වැනි යැයි කිවහොත් නිවැරදිය. පුහුණු උපදේශකවරයෙකු ඉහත සදහන් අන්ද‍ෙම් විවිධ ප්‍රවේශ කිහිපයක් භාවිතා කරමින් පුද්ගලයා සහ ඔහුගේ ගැටලුව පිළිබද විවිධ මනෝවිද්‍යාත්මක දෘෂ්ටිකෝණ තුළින් බලමින් ඒ පිළිබද සවිස්තරා‍ත්මක අදහසක් ලබාගනී. උපදේශන සේවා ප්‍රවේශ භාවිතයෙන් උපදේශකවරයාට පුද්ගලයා යනු කවරකේ ද ඔහුගේ ගැටලුව කුමක් ද අදාළ ගැටලුව ඔහුට ඇති වී ඇත්තේ මන් ද එම ගැටලුව ජයගැනිමට කවර ක්‍රියාමාර්ගයක් අනුගමනය කල යුතු ද යනාදි කරැණු පිළිබද පැහැදිලි වැටහීමක් ලබාගත හැකිය. මේ අනුව පුද්ලයා සහ අදාළ ගැටලුව උපදේශකවරයා නිසියාකාරව අවබෝධ කරගන්නා අතර, ඒ සමගම තම සේවාලාභියා ස්වකිය ගැටලුව හා තමා පිළිබදව අවබෝධ කරගැනිමට ඉඩ සලසයි. යමෙකුගේ ගැටලුව ජයගැනිමට අවශ්‍ය මුලික පදනම උපදේශකවරයෙක් ගොඩනගන්නේ මේ අයුරිනි.

බෙ‍ාහෝ විට පුද්ගලයෙකුට ගැටලුවක් මතුවන්නේ සැබෑ ගැටලුව කුමක් ද යන්න පිළිබද ඔහු තුළ පවත්නා නොදැනුවත්කම නිසාය. යමෙක් තමාට ඇති ගැටලුව කුමක්දැයි නිසියාකාරව අ‍වබෝධ කරගනී ද සැබවින් ම ඔහුට ගැටලුවක් නැත යනුවෙන් සිග්මන් ෆ්‍රොයිඩ් (Sigmund Freud) පවසා තිබේ. ජිවිතයේ අර්ථය ‍නොදැන තමා කරන්නේ කුමක් දැයි නොදැන තමාට කරන්නට උවමනා කුමක්දැයි නොදැන මිනිස්සු දුක්වෙති යනුවෙන් ෆ්‍රැන්කල් (Frankl) පවසා තිබේ. මේ සියල්ලෙන් ම පෙනෙන්නේ පුද්ගලයන් තමා පිළිබදවත් සිය ගැටලු පිළිබදවත් නිසි අවබෝධයක් නොමැතිවිම නිසා දුක් විදින බවයි.

මනෝවිද්‍යාත්මක උපදේශනයේ දී පුද්ගලයාට තමා පිළිබදවත්, තම ගැටලුව පිළිබදවත් නිසියාකාරව අවබෝධ කරගැනීමට අවස්ථාවක් තිබේ. තවද අදාළ ගැටලුව විසදාගැනීම සදහා එක් එක් දාර්ශනික මතයක් පදනම් කරගත් ක්‍රමවේදයක් (Technique)  අනුගමනය කිරීමට සේවාලාභියා පුහුණු කරන බැවින් ඒ තුළ අදාළ ගැටලුවෙන් මිදීමට වඩා සහනදායි මාවතකට පිවිසීමට ඔහුට හැකියාවක් ලැබෙනු ඇත.

උපදේශන, උපදේශකවරයෙක් (Counselor) හා උපදේශනය ලබන්නෙක් හෙවත් සේවා ලාභියෙක් (Client) අතර සිදුවන මනෝවිද්‍යාත්මක ක්‍රියාවලියකි ( psychological process) උපදේශනයේ යෙදෙන උපදේශකවරයා උපදේශන මනෝවිද්‍යා දැනුමින් හා උපදේශන කුසලතාවලින් (counseling skills) පිරිපුන් එසේම උපදේශන පිළිබද ප්‍රමාණවත් පරිදි පුහුණුවක් ලැබු අයෙක් විය යුතු පමණක් නොව ඔහු කාරුණික හදවතක් ඇති අයකු වීම ද ඉතා අවශ්‍යය.

මනෝ විද්‍යා උපදේශකවරයෙක් තම සේවාලාභියා  (Client) සමග කරන සාකච්ජාව ඉතා වැදගත්ය. එය හුදු සාමාන්‍ය කතාවක් නොවන අතර, උපදේශකවරයා භාවිත කරනු ලබන්නේ  සුවිශේෂ කථන විලාශයකි. ඒ නිසා උපදේශනයේ දී සේවාලාභියාට තම අදහස්, හැගිම් හා ඔහුගේ ගැටලුව පිළිබද පහසුවෙන්, නිරවුල්ව විස්තර කළ හැකිවේ. තවද උපදේශකවරයාගේ සුවිශේෂ කථන විලාසයම සේවා ලාභියාට ප්‍රතිකාරයක් වෙයි. මන්ද එම විලාසය ම සේවා ලාභියාට තමාව මනාකොට අවබෝධ කරගෙන ඔහු තුළ  ස්වයං වර්ධනයක් ඇති කිරිමට උත්තේජ කරවන්නක් වන බැවිනි. මේ නිසා උ‍පදේශන ක්‍රියාවලිය ප්‍රතිකාරාත්මක ක්‍රියාවලියක් (Therapeutic process) ලෙස හදුන්වයි.

සාමාන්‍යයෙන් එක් හමුවීම් වරයක දී උපදේශකවරයා තම සේවාලාභියා සමග පැයක් පමණ කාලයක් නිදහසේ සංසුන් ව සාකච්ජා කරයි. ‍සමහරවිට   එවැනි හමුවිමි වාර ගණන උපදේශනය ලබන්නාගේ ගැටලුවේ ස්වභාවය හා පුද්ගලයාගේ පෞරුෂ ස්වභාවය අ‍ාදිය අනුව වෙනස් වෙයි.

මනෝ විද්‍යාත්මක උපදේශනයේ දී උපදේශකවරයා ආලෝකයක් වන්නේ ඔහු සතු මනෝවිද්‍යාත්මක දැනුම කුසලතා හා පුහුණුවයි. මේ‍්‍නිසා  උපදේශකවරයෙක් මනොවිද්‍යාව හා මනෝවිද්‍යා උපදේශනය පිළිබදව ප්‍රමාණවත් පාඨමාලාවක් හදාරා තිබිමත් උපදේශන කුසලතා පුහුණුවක් ලබා තිබීමත් අත්‍යවශ්‍ය වෙයි. තව ද උපදේශකවරයෙක් උපදේශන සේවා සච්චාරිත්‍ර ධර්ම (Counseling Ethics) අනුගමනය කරන්නෙක් වෙයි. උපදේශන වෘත්තියේ ආරක්ෂාවටත් එහි ගෞරවනීයභාවය රදා පවත්වා ගනු සදහාත් උපදේශකවරයා මෙන්ම සේවාලාභියා ආරක්ෂා කරගනු සදහාත් මෙවැනි සච්චාරිත්‍ර ධර්ම උපකාරි වන අතර මේ නිසා ලෝකයේ උපදේශන වෘත්තියේ නැයැලී වෘත්තිකයන් ඒවා අනුගමනය කරති. ශ්‍රී ලංකාවේ වෘත්තිය උපදේශකවරුන් සදහා වු ආයතනය (Sri Lanka National Institute of Professional Counselors) ්‍ශ්‍රී ලංකාවට ගැලපෙන උපදේශන සේවා සච්චාරිත්‍ර ධර්ම  මාලාවක් සකසා තිබේ.