සුලභව අසන ප්‍රශ්න

පුරුෂ ප්‍රජනක පද්ධතිය

පිළිතුර මෙය විවිධ හේතුන් නිසා ඇතිවිය හැක.

  • වෘෂණ වටා, වෘෂණ කෝෂ තුළ තරල එක්රැස්වීම
  • හර්නියා
  • බරවා රෝගය
    මෙවැනි තත්ත්වයන් ඇති වු විට අනිවාර්යයෙන්ම වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුය.


පිළිතුර
පිරිමියෙකුගේ නින්දේදී නොදැනුවත්ව සිදුවන ශුක්‍රාණු පිටවීම මෙනමින් හැදින්වේ. එය කිසි ලෙසකින් වත් බිය විය යුතු තත්ත්වයක් නොවේ. එයින් ශරීරයට කිසිදු හානියක් ඇති නොවේ. එසේම මෙය සිරුරේ බර අඩුවීමට කිසිදු බලපෑමක් ඇතිනොකරයි.

පිළිතුර මෙය වෛද්‍ය උපදෙස් ලබා ගත යුතු තත්ත්වයකි. මෙහි දි කුඩා ශල්යකර්මයක් මගින් පෙරසම ඉවත් කිරීම හෙවත් චර්මජේදනය සිදු කල යුතුය.


පිළිතුර මෙම තත්ත්වය නිසා වේදනාවක් ඇතිවීමෙන් මෙලෙස සිදුවිය හැකිය


පිළිතුර මෙය ඇතැම්විට යම් රෝග තත්ත්වයක ලක්ෂණයක් විය හැක. මේ නිසා මේ පිළිබද විශේෂඥ වෛද්‍යවරයෙකු හමු වී ප්‍රතිකාර ලබාගැනීම සුදුසු වේ.


පිළිතුර  නැත. මෙය කාන්තාවන් හා පුරුෂයින් දෙකොටසම අතර පැතිර ඇති මිත්‍යා මතයකි. නමුත් ශිෂ්ණයේ දිග ප්‍රමාණය ලිංගික සංසර්ගයේදි ඇතිවන තෘප්තිය සදහා කිසිදු බලපෑමක් ඇති නොකරයි.

පිළිතුර බොහෝවිට මෙයට හේතු වන්නේ මානසික ගැටළුය. නමුත් ඇතැම්විට දියවැඩියාව, අධික මත්පැන් භාවිතය හා දුම්පානය මෙයට දායකවේ. දිගු කලක් තිස්සේ සමහර විට ඖෂධ භාවිත කිරීම ද මෙම තත්ත්වයට හේතුවකි.


පිළිතුර
මෙය ශිෂ්ණයේ පෙරසම කුඩා ශල්‍යකර්මයක් මගින් ඉවත් කිරිමෙන් සිදු කරනු ලැබේ. මෙමගින් එම ප්‍රදේශයේ පිරිසිදු බව හා සනීපාරක්ෂාව වැඩි දියුණුවේ. චර්මඡේදනය බහුලව භාවිතා වන ආගමික චාරිත්රයකි.


පිළිතුර එනම් ලිංගික සංසර්ගයේ දී ඔබ හෝ ඔබගේ සහකරු බලාපොරොත්තු වන වේලාවට පෙර ඇතිවන ශුක්‍ර මෝචනයයි. බොහෝ විට මෙයට හේතු වන්නේ මානසික ගැටලුය. නමුත් ඇතැම්විට කායික හේතුන්ද මෙයට ඇතුලත් වේ. මේ නිසා මෙවැනි තත්වයනට වෛද්‍ය උපදෙස් ලබාගැනීම වඩාත් සුදුසුය. බොහෝ අවස්ථාවල දී මෙය පහසුවෙන් මග හරවාගත හැකි ප්‍රශ්නයක් වන බැවිනි.


පිළිතුර නැත. මෙය කාන්තාවන්ට හා පුරුෂයන් සිදු කරන ස්වභාවික ක්‍රියාවලියකි.


පිළිතුර නැත.


පිළිතුර රැවුල වැඩීම තරුණයෙකුගේ ද්විතියික ලිංගික ලක්ෂණයකි. රැවුල වැවීමේ වේගය එහි ඝනකම පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්වේ. මේ සම්බන්ධව කළබල විය යුතු නැත.

ස්ත්‍රී ප්‍රජනන පද්ධතිය


පිළිතුර නැත. කාන්තාවන්ගේ ඔසප් චක්රය තුළ දී සිදුවන හෝර්මෝන වල වෙනස්කම් අනුව ඇතිවන ස්වාභාවික යෝනි ස්‍රාවයන් ඇත. මෙය ගදක් සුවදක් හෝ වර්ණයක් නොමැති, කැසීමක් ඇති නොකරන ස්‍රාවයකි. මෙම තරල ප්‍රමාණය ආර්තව චක්‍රය අනුව වෙනස් වේ. නමුත් මෙය රෝගී තත්ත්වයක් නොවේ. මෙහිදි සනීපාරක්ෂාව ඉතා වැදගත්වේ. යෝනි  ස්‍රාවය සිරුරේ බර අඩුවීමට කිසිම විටෙක හේතු නොවේ.
එසේ වුවද යම් අවස්ථාවක යෝනි ස්‍රාවයන් දුගද හමන සුළු, යම් වර්ණයකින් යුක්ත හෝ රුධිරය මිශ්‍ර වේනම් එය වහාම වෛද්‍ය උපදෙස් ලබා ගත යුතු තත්ත්වයකි.


පිළිතුර ඔව්. පැප් පරික්ෂණය මගින් ගැබ් ගෙලේ සෛල පිළිකාවක් බවට හැරීම ආරම්භ වන විටම ඒ බව හදුනා ගත හැකිය. එය මෙම තත්ත්වය පිළිකාවක් බවට හැරීම වැළැක්වීමට අවශ්‍ය පෙර සුදානම් වීමට ඔබේ වෛද්‍යවරයාට පහසු කරයි.


පිළිතුර ඔව්. ස්ථුලතාවය හා මදසරුභාවය අතර සම්බන්ධතාවයක් ඇත.


පිළිතුර සාමාන්‍යයෙන් ඔසප් චක්‍රයේ 14වන දිනයේ දී ඇතිවන ඩිම්බ පිටවීම මෙයට හේතුවේ.


පිළිතුර මෙය බොහෝවිට ජාන මගින් තීරණය වන තත්ත්වයකි. එසේම වැඩිවිය පත්වන වයස සදහා ශරීරයේ ඇති ලිංගික හෝර්මෝන ද ක්‍රියාකාරිවීම බලපායි. එනම් විවිධ හේතුන් නිසා මෙම හෝර්මෝන නිපදවීම පමා වුවහොත් වැඩිවිය පත්වීම ද පමාවේ. සාමාන්‍යයෙන් වැඩිවිය පත්වීම වයස අවුරුදු 11-13 අතර කාලයේදී සිදුවේ. නමුත් එය වයස 17ට වඩා පමාවේ නම් වෛද්යවරයෙකු හමුවිය යුතුවේ.

පිළිතුර පියයුරුවල ප්‍රමාණය උපතේ දීම තිරණය වන්නකි. පියයුරුවල ප්‍රමාණය වැඩි කිරීමට සමත් ඖෂධ හෝ ක්රීම් වර්ග නොමැත. අවශ්‍යනම් ප්ලාස්ටික් සැත්කමක් මගින් පියයුරුවල ප්‍රමාණය වෙනස් කරගත හැක. එසේම පියයුරු වල ප්‍රමාණය විවාහ ජිවිතය හෝ මවිකිරි දීම කෙරෙහි බලපෑමක් ඇති නොකරයි.


පිළිතුර වැඩිවිය පත්වීමෙන් පසු ඩිම්බ පිටවීම හා ඩිම්බ කෝෂයේ ක්‍රියාකාරීත්වය නිසි පරිදි ක්‍රමවත්ව සිදුවීම ඇරඹීමට යම් කාලයක් ගත විය හැක.


පිළිතුර
ඔස්ප්වීම ඇතිවන්නේ ශරීරයේ හෝර්මෝන වෙනස්වීම් නිසාය. මෙය තරුණ කාලයේ බොහෝ දෙනෙකුට පොදු තත්ත්වයකි.

  • මානසික ආතතිය
  • දිගු කාලීනව පවතින රෝගාබාධ
  • කාලගුණික වෙනස්වීම්
  • හොර්මෝන මට්ටමේ වෙනස්කම් (ලිංගික හෝර්මෝන, තයිරොයිඩ් හොර්මෝන)
  • සිරුරේ බරෙහි සිදුවන ක්ෂණික වෙනස්වීම් (බර අඩුවීම හෝ වැඩිවීම)


පිළිතුර මෙම දිනයේ දී ස්නානය කිරීම අහිතකර බවට කිසිදු විද්‍යාත්මක සාක්ෂියක් නොමැත. විශේෂයෙන් ම මේ දිනවල ද තම සනීපාරක්ෂාව පිළිබදව සැලකිලිමත්වීම ඉතා වැදගත්ය.


පිළිතුර ඔබට එයින් අපහසුතාවයක් නොදැනේ නම් හෝ ඒ පිළිබද යම් අකැමැත්තක් නොමැති නම් එහි වරදක් නැත.


පිළිතුර එවැනි ආහාර සීමා කිරීම් කිසිවක් අවශ්‍ය නොවේ.


පිළිතුර මෙය කිසිසේත් බිය විය යුතු තත්ත්වයක් නොවේ. උණුසුම් දිය බදුනක් යටිබඩ ප්‍රදේශයේ තබාගෙන සිටීම හෝ පැරසිටමෝල් වැනි වේදනා නාශකයක් භාවිත කිරීම සහනය ගෙන දෙයි.


පිළිතුර මේ ප්‍රදේශයේ රෝම අධිකව තිබීම හෝ අධික ලෙස දහඩිය දැමීම බැක්ටීරියා ආසාදන ඇතිවීම පහසු කරවයි. එය සමේ ලප බිබිලි ආදිය ඇති කරයි. මේ නිසා පෞද්ගලික සනීපාරක්ෂාව හා කපු රෙද්දෙන් මැසූ යට ඇදුම් භාවිතය මෙවැනි තත්ත්ව වලින් මිදීමට ඔබට උපකාරි වෙයි.


පිළිතුර නැත.