ලිංගිකත්වය මත පදනම් වුණු ප්‍රචණ්ඩත්වය

  • ලිංගිකත්වය මත පදනම් වු ප්‍රචණ්ඩත්වය යනු කුමක්ද?

පවුල හෝ ප්‍රජාව තුළ සිදුවුණු කායික,ලිංගික හා මානසික ප්‍රචණ්ඩත්වය මෙනමින් හැදින්වේ.
ලිංගික හා අනෙකුත් ආකාරයේ ස්ත්‍රී/පුරුෂ බව පදනම් වු ප්‍රචණ්ඩත්වය වර්තමානයේ පවතින දරුණු ගැටළුවකි.
සංකීර්ණ හදිසි තත්ත්ව යටතේ (උදාහරණයක් ලෙස යුධ අවස්ථාවකදී) ලිංගික හා අනෙකුත් ආකාරයේ  ස්ත්‍රී/පුරුෂ බව මත පදනම් වුණු ප්‍රචණ්ඩත්වය වැඩි වශයෙන් වාර්තාවේ. මේ ආකාරයේ ප්‍රචණ්ඩත්වයට අයත් වන්නේ දූෂණය කිරීම, දූෂණය කිරීමට උත්සහ කිරීම පමණක් නොව ලිංගික අපචාර, බලහත්කාරයෙන් අඩු වයසින් විවාහ කරදීම, ගෘහස්ත ප්‍රචණ්ඩත්වය, විවාහයක් තුළසිදුවන දුෂණය එයට ඇතුළත්ය.

ලිංගිකත්වය මත පදනම් වුණු ප්‍රචණ්ඩත්වය ඇතිවන්නේ ඇයි?

  1. පුරුෂාධිපත්‍ය බලපවත්නා සමාජ තත්ත්ව
  2. ස්ත්‍රී/පුරුෂ භේදය පදනම් කරගෙන අසමානව සැලකීම
  3. සාම්ප්‍රදායික සමාජ පද්ධතිවල බිදවැටීම
  4. පවුලේ සාමාජිකයන් වෙන්ව ජීවත් වීම – විශේෂයෙන් දරුවන් සහ කාන්තාවන්
  5. අඹු සැමියන් වෙන් වෙන්ව විසීම නිසා සමාජයෙන් ලැබෙන සහයෝගය අවම වීම
  6. අන්‍යයන් මත යැපීමට සිදුවීම
  7. සෞඛ්‍ය පද්ධති බිද වැටීම
  8. කාන්තාවන් හා ළමයින් මුහුණ දෙන කායික හා මානසික ප්‍රශ්න නිරාකරණය කරගැනීම සදහා ද්විතියික මට්ටමේ සෞඛ්‍ය පහසුකම් ලබාගැනිමේ දී ඇතිවන ගැටළු

  1. ගෘහස්ත ප්‍රචණ්ඩත්වය
  2. ලිංගික අපයෝජනය/අතවර හා බලහත්කාරකම්, ගණිකාවන් ලෙස යොදා ගැනීම ඇතළු ලිංගික ප්‍රචණ්ඩත්වය
  3. ජාවාරම්
  4. බලහත්කාරයෙන් අඩු වයසින් විවාහ කරදීම
  5. අහිතකර සාම්ප්‍රදායික පිළිවෙත් (කාන්තාවන්ගේ ප්‍රජනේන්ද්‍රිය ජේදනය කිරීම, වැන්දඹුවන්ට තම උරුම නොදිම)
  6. සමූහ අපයෝජනය
  7. සමූහ ඝාතනය

කාන්තාවන්ට එරෙහිව පවත්නා ප්‍රචණ්ඩත්වයේ දී බොහෝ විට දක්නට ලැබෙනු‍යේ ස්වාමි පුරුෂයා හෝ සහකරු විසින් කරනු ලබන ප්‍රචණ්ඩත්වයයි.මේ ආකාරයේ ප්‍රචණ්ඩත්වය බොහෝවිට අදෘෂ්‍යමාන වන්නේ, ඒවා හොර රහසේ සිදුවන නිසා වන අතර රටේ නීතී පද්ධතිය හෝ සංස්කෘතික සම්මතයේ මේ ආකාරයේ ප්‍රචණ්ඩත්වය අපරාධයක් මෙන් නොව පවුලේ පෞද්ගලික කාරණයක් ලෙස හෝ ජීවිතයේ සාමාන්‍ය අංගයක් ලෙස සලකන නිසා මේ ආකාරයේ ප්‍රචණ්ඩත්වය සාර්ථක වෙයි.
ගෘහස්ත ප්‍රචණ්ඩත්වය ඇතිවන්නේ විවාහයේ හෝ සමීප සබදතාවයකදී එක් පුද්ගල‍යකු අනික් පුද්ගලයා අභිබවා යෑමට හා පාලනය කිරීමට උත්සාහ දරන විටදියි. අප‍යෝජනය‍ට පත් කරන්නා සාධාරණව හැසිරෙන්නකු නොවේ. ඔහු හෝ ඇය,  වරදකාරී හැගීම්, බිය, ලැජ්ජාව හෝ තැතිගැන්ම මගින් කලකිරීමට පත් කර ඔබගේ සබදතාවයේ සම්පුර්ණ අධිපත්‍ය හා පාලනය ඔහු වෙත ලබාගැනීමට පුළුවන. ඔබට තර්ජනය කිරීමට, පීඩා කිරීමට හෝ ඔබගේ පවුලට හා සමීපතමයන්ට එසේ කිරිමට ද හැකිය.

කායික ප්‍රචණ්ඩත්වය ද ගෘහස්ත ප්‍රචණ්ඩත්වයට ඇතුළත්වේ.ප්‍රචණ්ඩත්වය යනු පිරිමින් කාන්තාවන්ට එරෙහිව තම බලය ‍යෙදාගන්නා සෘජුම මාර්ගයයි.

  • පීඩාකාරි සම්බන්ධතාවයක ලක්ෂණ

1. චිත්තවේගාත්මක/මානසික අපයෝජනය

ප්‍රචණ්ඩත්වය වාචික හෝ චිත්තවේගාත්මක විය හැක. එම නිසා යමෙකුට අපහාසාත්මක නම් වලින් ඇමතීම ‍හෝ යමෙකු මෝඩයෙකු ලෙස හැදින්වීම ප්‍රචණ්ඩ ක්‍රියාවකි. එමගින් කායික ප්‍රහාරයක දී මෙන්ම ඔබව පීඩාවට පත්වන බැවිනි.
උදාහරණ – වාචික (කෑ ගැසීම, විවිධ නම් වලින් ඇමතීම, බැනීම, ලැජ්ජාවට පත් කිරීම, ඔබ/දරුවන් හෝ පවුලේ අය මැරීම/හිංසාවට පත් කිරීමට තර්ජනය කිරීම)
මෙවැනි ප්‍රචණ්ඩත්වයන් තම ආත්මාභිමානය හා නිවහල් බව පිළිබද හැගීම් දුර්වල කිරීමට යොදා ගනු ලැබේ.

2.   කායික අපයෝජනය

කායික ශක්තිය යොදාගැනීම (පහරදීම, තදින් අල්ලා ගැනීම, හුස්ම හිර කිරීම, විවිධ දේවල් වලින් දමා ගැසීම, ආයුධ වලින් පහරදීම)

3.   ලිංගික අපයෝජනය

ඔබට අවශ්‍ය නොවන, ආරක්ෂාකාරී නොවන නොහොබිනා ලිංගික ක්‍රියාකාරම්වලට බලහත්කාරයෙන් සහභාගි කරවගන්නා අවස්ථා
4.  ආර්ථික/මුල්‍යමය අපයෝජනය

  • මුල්‍ය පරිපාලනය
  • අවශ්‍ය මුදල් ලබා නොදීම
  • දීමනාවක් පමණක් ලබාදීම
  • වියදම් වූ සෑම මුදලක් පිළිබදව වගකීම ගැනීමට සිදුවීම
  • වෙනත් පුද්ගලයකුගේ පෞද්ගලික වාසි / අවශ්‍යතා සදහා තම වත්කම් යොදාගැනීම (ආහාර ඇදුම්, ඖෂධ ඉදුම් හිටුම්) වැනි මුලික අවශ්‍යතා ඔබට හා දරුවන්ට ලබානොදීම
  • රැකියාවක් කිරීමට/තෝරාගැනීමට ඔබට අවස්ථාව ලබා නොදීම

කායික

  1. ශරීරයේ ඇතිවන තුවාල
  2. ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග ඇතිවීම
  3. අනවශ්‍ය පිළිසිදගැනීම් – ආරක්ෂාකාරී නොවන ගබ්සා හා මාතෘ මරණ
  4. නින්ද නොයාම
  5. භිතීකාවන්
  6. මත්ද්‍රව්‍ය භාවිතය
  7. විශාදය
  8. සමාජයෙන් කොන්වීම
  9. ලිංගික දුබලතා

සමාජීය

  • තම පවුල වෙත නැවත යාම වැළැක්වීම හෝ පවුලෙන් ප්‍රතික්ෂේප වීම
  • පහත් සමාජ ආර්ථික තත්ත්වයකට පත්වීම
  • මුදල් ලබාගැනීම සදහා ඇති අවස්ථා අල්ප වීම (ගණිකාවන් බවට පත්වීම) දූෂණයට ලක් වු කාන්වන්ගේ දරුවන් තමා විසින් හා පවුල විසින් ප්‍රතික්ෂේප කිරිම
  • නොසලකා හැරීම, ගරහාවට ලක්වීම

  1. ඔබේ ප්‍රදේශයේ සමත මණ්ඩලය
  2. පොලිස් ස්ථානය
  3. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල මගින් පවත්වන සායන- එහිදි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනිය, පවුල් සෞඛ්‍ය සේවිකාව හා පවුල් සෞඛ්‍ය හෙද නිලධාරිනියගේ උපකාර ලබා ගත හැක.
  4. ඔබේ ප්‍ර‍දේශයේ රෝහල්
  5. කාන්තා පිහිට සමාජ ආයතනය
  6. සමාජ සේවකයන්

1) කාන්තාවන්‍ට එරෙහි ප්‍රචණ්ඩත්වයෙන් පීඩා විදින්නේ ඉතා සුළු කාන්තාවන් පිරිසක් පමණක් බව
මෙවැනි ප්‍රචණ්ඩත්වයට එරෙහිව ක්‍රියා කරන සේවා සපයන ආයතන පිළිබදව බොහෝ කාන්තාවන් දැන සිටියද, බොහෝ විට එවැනි පියවරක් ගැනීමට ඔවුන් බියවන අතර, සමහරවිට ඒ සදහා මුදල් හෝ ප්‍රවාහන පහසුකම් ඔවුන්ට නොමැතිවෙයි. බියෙන් ජීවත්වන කාන්තාවන් විශාල සංඛ්‍යාවක් සිටියි.

2) ලිංගිකත්වය මත පදනම් වුණු ප්‍රචණ්ඩත්වයට අයත් වන්නේ
කායික අපයෝජනය පමණක් බව
ඔබ අවලස්සන බව, මෝඩ හෝ කමකට නැති බව පැවසීමට ලක්වීම හෝ මුදල් ලබා නොදීම වැනි මානසික අපයෝජන ද ප්‍රචණ්ඩත්වය යටතට ගැනේ. මානසික අපයෝජනය මගින් කැළලක් ඉතිරි නොවන මුත්, කායික ප්‍රචණ්ඩත්වය තරම්ම එය බියජනක හා හානිකර වෙයි.

3) ගෘහස්ත ප්‍රචණ්ඩත්වය බලපාන්නේ එක්තරා පිරිසකට පමණී.
සියලුම ජාතීන්වල සංස්කෘතීන්වල සහ ආගම්වල කාන්තාවන් මේ මගින් පීඩා විදිති.

4) ප්‍රචණ්ඩත්වය පවුලේ පෞද්ගලික කාරණයක් පමණි.
එය, එසේ නොවේ. ඔබ කාන්තාවන්ට එරෙහිව ප්‍රචණ්ඩත්වය දැක තිබේ නම්,කරුණාකර ඒ පිළිබදව වාර්තා කරන්න. නැතහොත් ප්‍රමාද වී වැඩි විය හැක.
5) දෙමාපියන් අතර සිදුවන අපයෝජනය දරුවන්ට බල නොපායි.
දරුවන් තුළ මත්ද්‍රව්‍ය භාවිතය වැනි දිගුකාලීන කායික මානසික සෞඛ්‍ය ගැටළු ඇතිවීමට ප්‍රචණ්ඩත්වය අත්විදීම හේතුවක් විය හැක.

“මෙම අපයෝජන/ප්‍රචණ්ඩත්වය නතර කිරීම සදහා, කාන්තාවන් පීඩාකාරි තත්ත්වයන්ගෙන් මුදවාගැනීම සදහා, කාන්තාවන්ට එරෙහි හිංසනය ඉක්මණින් හදුනාගැනීම හා ඒ පිළිබදව මැදිහත් වී ‍මේ පුද්ගලයන්ට සහය දැක්වීම කල යුතුය.”