ලිංගික ගැටලු

  • ලිංගිකත්වය යනු කුමක්ද?

ලිංගිකත්වය යනු අප ගැන බාහිර ලෝකයට කෙරෙන ප්‍රකාශනයකි. යම් පුද්ගලයෙකුගේ කල්පනා, හැගිම් හා ලිංගිකත්වය ප්‍රකාශනය එය‍ට ඇතුළත්වේ.

ලිංගික සෞඛ්‍යය යනු කුමක්ද?

ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග, අනවශ්‍ය ගැබීගැනිම්, හිංසනයෙන් හා වෙනස්කම් වලින් තොරව යම් පුද්ගලයෙකුට තම ලිංගිකත්වය ප්‍රකාශ කිරිමට ඇති හැකියාවයි.

යමී අයෙකුගේ ස්ත්‍රි/පුරුෂභාවය යනුවෙන් හැදින්වෙන්නේ කුමක්ද ?

යමෙකුගේ ජිව විද්‍යාත්මක ලක්ෂණ

  •  ව්‍යුහ විද්‍යාත්මක – පියයුරු,යෝනි මාර්ගය (ස්ත්‍රී), ශිෂ්ණය, වෘෂණ (පුරුෂ)
  •  කායික විද්‍යාත්මක- ඔසප්විම (ස්ත්‍රී), ශුක්‍රාණු ජනනය (පුරුෂ)
  •  ජාන විද්‍යාත්මක -  ස්ත්‍රී / පුරුෂ

ලිංගික ප්‍රකාශනය සදහා ප්‍රේමාන්විත හැගිම් ඇති වන්නේ, විරුද්ධ ලිංගිකයන්ට ද, සම ලිංගිකයන්ට ද නැතහොත් ස්ත්‍රි / පුරුෂ දෙපාර්ශවයටම ද යන වගයි.

යමෙකුගේ ලිංගිකත්වය ප්‍රකාශ කිරිමේ (ලිංගිකව අන් අය සමග ‍හෝ තනිවම) හැසිරිම්
උදාහරණ: අතගෑම, සිපගැනිම, වෙනත් සිරුර උත්තේජනය කිරිමේ ක්‍රම සහ පුර්ණ ප්‍රවේශාත්මක සංසර්ගය

යම් පුද්ගලයකු ලිංගිකව ප්‍රාණවත්විමේ දී හා ලිංගික ක්‍රියාවල යෙදිමේ දී ඇතිවන මානසික හැගිම් හා ශාරිරික වෙනස්කම් මාලාවකි.
එහි අදියර 4කි.

1. පිබිදිම

එය විනාඩි කිහිපයක සිට පැය කිපයක් දක්වා පවතින අතර, සංවේදී උත්තේජනය, සිතුවිලි හා කල්පනා මගින් හටගනී. මේ නිසා ලිංගික ක්‍රියාකාරකම් සහ සමීපභාවය ඇතිවෙන අතර හෘද ස්පන්දන වේගය සහ හුස්ම ගැනිමේ වේගය වැඩිවේ. තවද මාංශපේශි වල තදගතිය ඇතිවන අතර ලිංගේන්ද්‍රියවලට රුධිරය ගලා ඒම වැඩිවේ.

ඊ‍ට අමතරව තන පුඩු කෙලින් වන අතර කාන්තාවන්ගෙ පියයුරු විශාල වන බවක් දැනේ.
පුරුෂයන්ගේ වෘෂණ ඉදිමී තදගතියක් ඇතිවන අතර ශිෂ්නය ප්‍රාණවත් වෙයි

2.පුර්ව පිබිදීම ( Plateau )

ශාරිරික හා මානසික උත්තේජන දිගින් දිගටම පැවතුනහොත් පුර්ව පිබිදිමේ තත්වයට පත්වන අතර එහිදී ඉහත සදහන් වෙනස්විම තවත් උත්සන්නවේ.

3.සුරතාන්තය ( ලිංගික ප්‍රතිචාර චක්‍රය උච්චවිම)

පුර්ව පිබිදීම  අවධියේ උපරිමයේ දී ලිංගික ආතතිය හදිසි‍යේ බලවත් ලෙස මුදාහැරිමක් සිදුවේ. එය තත්පර කිපයක් පමණක් පවතී. සමහර කාන්තාවන් හට එවිට ශරිරය පුරාම පලු හට ගැනිමක් ද ඇතිවේ. සමහර කාන්තාවන්ට ඒ සමගම යෝනි මාර්ගයේ තද ගතියක් ඇතිවන අතර පුරුෂයන්ට ශිෂ්නයේ ක්‍රමානුකුල හැකිලීම් සහ පුරුෂ ධාතු පිටවිම සිදුවේ.

4. නැවත ප්‍රකෘති තත්ත්වයට පත්විම

සෙමින් සෙමින් ශරිරය ප්‍රකෘති තත්වයට පත්වන අතර රසායන ද්‍රව්‍ය පිටවිම නිසා ශරිරයට සුවයක් දැනේ.
පුරුෂයන්ට සුරතාන්තයට පසු ප්‍රකෘති තත්ත්වයට පත්විමට කාලයක් ගතවේ.
කාන්තාවන් ඉක්මණින්ම ප්‍රකෘති තත්ත්වයට පත්වන අතර එබැවින් කීපවාරයක් සුරතාන්තයට පත්විය හැක.

බහුලව පවතින ලිංගික ගැටලු
පුරුෂයින්ට

  • ක්ෂණික මෝචනය
  • ශිෂ්ණය ප්‍රාණවත්විමේ දුබලතා

ස්ත්‍රින්ට

  • යෝනි මාර්ගය හැකිලිම(vaginismus)

දෙපක්ෂය‍ටම

  • ලිංගික අවශ්‍යතාවය නොමැතිවිම

 

ක්ෂණික මෝචනය

  • ආතතිය
  • ලිංගික සබදතා පිළිබද මිත්‍යා මත
  • සබදතා පිළිබද ගැටලු
  • අඩු වයසේ ඇතිවන ලිංගික සබදතාවල අඩු පලපුරුද්ද නිසා
  • දිගට ම පවතිනවිට- අසාර්ථකවේ යැයි බිය

මෙය බොහෝ දෙනා මුහුණ දෙන ගැටලුවක් බව මතක තබාගන්න.

එම නිසා ඔබ තනි වී නොමැත !
ඔබගේ මානසික ආතතිය අවම කර ගැනිමට විවිධ ක්‍රම භාවිත කිරිම සහ බිරිද සමග සමිබන්ධතාවය ශක්තිමත් කරගැනිමට කටයුතු කිරිම හැර වැඩි යමක් කල නොහැකිය. ඔබ වෛද්‍යවරයකු හමුවිය යුත්තේ ගැටලුව කල් පවතී නම් සහ  ඔබ සහ බිරිද අතර සමබන්ධතාවයට ඒය බලපායි නමි පමණි.

  • ඉහිල් වීමේ ප්‍රතිකාර

ආතතිය අවම කරගැනිම සදහා සරල ඉහිල් වීමේ  ක්‍රමවේද භාවිත කිරිම තුළින් කල්තියාම බොහෝ වේලාවට මෙය සුවකරගත හැක.

  • ලිංගික ප්‍රතිකාර
    • නවත්වා- පටන්ගැනිමේ ක්‍රමය ( stop-start method )- ඔබගේ ශිෂ්ණය ඔබ විසින්ම හෝ සහකාරිය විසින්, ධාතු පිටවිමට ආසන්න වනතුරු උත්තේජනය කරන්න. දැන් නවතා තත්පර 30-60 දක්වා කාලයක් සිට නැවත එය අරඔන්න. එක් වතාවකට 5-6 වාර ගණනක් මෙය සිදු කරන්න.
    • මිරිකිමේ ක්‍රමය ( squeeze technique )ඔබ විසින්ම හෝ ඔබගේ සහකාරිය ලවා ධාතු පිටවීමට ආසන්න වනතෙක් ශිෂ්ණය උත්තේජනය කරන්න. මෙවර ‍ඔබ හෝ ඔබගේ සහකාරිය ශිෂ්ණ මුන්ඩයට මදක් පහලින් තදින් මිරිකන්න. ශිෂ්ණයේ යට පැත්තේ ඔබගේ මාපටැගිල්ල ශිෂ්ණ මුන්ඩයට පහලින් ඇති නැම්මේ තබා පලමු සහ දෙවැනි ඇගිලි ශිෂ්ණයේ අනික් පැත්තේ (ශිෂ්ණයේ මුදුන සහ කද හමුවන ස්ථානයේ) තබා හොදින් මිරිකන්න. මෙම මිරිකිම නිසා ධාතු පිටවිම වලකයි.
  • බෙහෙත් ප්‍රතිකාර-

සමහර විට වෛද්‍යවරුන් ආතතිය මගහැරවිම සදහා කෙටි කාලින මානසික අවපිඩනය සදහා ‍ඖෂධ ලබාදේ. මෙම ඖෂධ භාවිතයේ දී ඇතිවන අප්‍රසන්න අතුරු ආබාධ ඇතිවිය හැකි නිසා එම තිරණය සෑමවිටම වෛද්‍යවරයකු විසින් ගත යුතුව ඇත. කොන්ඩම් භාවිතය හෝ නිර්වින්දක ස්ප්‍රේ කිරිම වැනි ශිෂ්ණයේ උද්දීපනය අවම කරන ක්‍රම භාවිත කල හැකිය.

 

ශිෂ්ණය සෘජුවිමේ දුබලතා ( ලිංගික බෙලහීනතාවය)

මෙය සාර්ථක ලිංගික සබදතාවයක් සම්පුර්ණ කිරිමට  අවශ්‍යවන පරිදි ලිංගය ප්‍රාණවත්විම සහ එසේ පවත්වාගෙන යෑම දිගින් දිගටම කළ නොහැකිවිමයි.මෙය වැඩිහිටි පිරිමින් අතර බහුලව දැකිය හැකිය.

එය ශාරිරික හෝ මානසික හේතු නිසා ඇතිවිය හැක. බොහෝ විට ශාරිරික හේතු නිසා ඇතිවන බව පෙනේ. එබැවින් මෙම ගැටලුව සදහා වහා වෛද්‍ය උපදෙස් පැතිම අවශ්‍ය වේ.

ප්‍රධාන කායික ගැටලු වනුයේ,

  • දියවැඩියාව
  • ශිෂ්ණයට ප්‍රමාණවත් ලෙස රුධිරය ගලා නොඒම නිසා – සිගරට් බිම නිසා රෑධිර වාහිනිවල කොලෙස්ටරෝල් තැන්පත් වී ඒවා අවහිර විම මෙයට බොහෝ විට හේතුවේ.
  • නිරතුරුව අධික මත්පැන් පානය කිරිම. – මද්‍යසාර ශිෂ්ණයේ ස්නායු මත හානිකර බලපෑමි  ඇති කරන අතර පුරුෂ හෝමෝන වන ටෙස්ටොස්ටෙරෝන් මට්ටම අඩු කරන අතර ස්ත්‍රි හෝර්මෝන වන ඊස්ට්‍රජන් මට්ටම වැඩි කරයි.
  • සමහර බෙහෙත් වර්ගවල අතුරු ආබාධයන් ලෙස – විශේෂයෙන් ම අධි රුධිර පිඩනය , හෘද රෝග, මානසික අවපීඩනය, ආමාශයේ තුවාල සහ පිළිකා සදහා පාව්චිචි කරන බෙහෙත්වල අතුරු ආබාධ ලෙස ශිෂ්ණය ප්‍රාණවත් නොවිම ඇතිවිය හැක.
  • ස්නායු ආබාධ
  • ප්‍රජනක පද්ධතිය ආශ්‍රිත ශල්‍යකර්ම (උදාහරණයක් ලෙස පුරස්ථි ග්‍රන්ථියේ ශල්‍යකර්ම)

ප්‍රධාන මානසික ගැටලු වනුයේ

  • අඹුසැමි ගැටුම්
  • මානසික ආතතිය
  • මානසික අවපීඩනය
  • ලිංගික හැගිම් අඩුවීම

1.සෞඛ්‍යමත් ජිවන රටාවක් පවත්වන්න.

2.දුම්බීම සහ මත්පැන්පානය අත්හරින්න.

3.ක්‍රමානුකුලව ව්‍යායාමවල යෙදිම හා මේදය අඩු සමබර ආහාර වේලක් ගැනිම .

4.ඔබ දියවැඩියා රෝගියකු නම් රෝගය හොදින් පාලනය කරන්න.

ඔබට ගැටලුවක් ඇති බව දැනගත් වහාම වෛද්‍යවරයකු හමුවිම තවත් යෝග්‍ය‍වේ. මෙය වැදගත් වන්නේ ලිංගික බෙලහීනතාවය සදහා ප්‍රතිකාර ගැනිම සදහා පමණක් නොවේ.එය දියවැඩියාව වැනි  රෝගයකට අතවැනීමක්  විය හැකිය.

ඔබ ශාරිරික හෝ මානසික රෝගයකට ඖෂධ ලබාගන්නේ නම් සහ ඒ නිසා ඔබගේ ලිංගික ජිවිතයට බලපෑමක් ඇතියයි සැකයක් ඇති නම් වෛද්‍යවරයකු හමුවන්න. ලිංගික ජිවිතයට බලපෑමක් නොකරන වෙනත් ඖෂධ ඇත.

  • සෞඛ්‍යමත් දිවි පෙවෙතක් ගත කරන බව තහවුරු කරන්න.
  1. දුම්පානයෙන් වලකින්න
  2. මත්පැන් පානය අඩුකරන්න.
  3. ක්‍රමාණුකුලව ව්‍යායාමිවල සහ ලිහිල්විමිවල යෙදෙන්න.
  4. සමබර ආහාර වේලක් ගන්න.
  • මානසික සහනය ලබාගැනීම–

ලිංගික බෙලහිනතාවයට හේතුව කුමක් වුවද , ප්‍රතිකාර ලබාගත්තද බොහෝ අයට උපදේශනයෙන් හෝ ලිංගික ප්‍රතිකර්ම වලින් වාසි ලැබේ.මෙම තත්ත්වයට හේතුව මානසික ගැටලුවක් ‍නම් හෝ වෛද්‍ය ප්‍රතිකාරවලින් කිසිදු සුවයක් නොලැබේ නම් ලිංගික ප්‍රතිකර්ම විශේෂයෙන් වැදගත්වේ.

  • මුඛයෙන් ලබාගන්නා ඖෂධ -

මෙම ඖෂධ වර්ග බොහෝමයක් දැන් ලබාගත හැක.(උදා සිල්ඩනැෆපිල්,ටැඩෙලෆපිල් සහ වැන්ඩෙනෆපිල්) ඒවා බොහෝමයක ක්‍රියාකාරිත්වය වනුයේ ශිෂ්ණයේ රුධිර වාහිනි ලිහිල්  කොට රුධිරය ගලා ඒම වැඩි කිරිමයි. බහුල අතුරුආබාධ ලෙස හිසරදය සහ මුහුණ රත් පැහැගැන්විම ඇතිවේ.

නයිට්‍රේ‍ට් අඩංගු ඖෂධ පානය කරන පිරිමින් ඉහත ඖෂධ පානය නොකල යුතුය. (හෘද රෝග නිසා මෙය බොහෝ අය පානය කරයි)

  • එන්නත් ප්‍රතිකර්ම -

ලිංගික බෙලහිනතාවය සදහා ප්‍රත්‍යක්ෂ ක්‍රමයක් නමුත් ලිංගික සම්බන්ධතාවයක යෙදෙන හැමවිටම එය ලබාගත යුතුය. ශිෂ්ණයේ රුධිර වාහිනි ලිහිල් වීම නිසා රුධිරය ගලා ඒම වැඩිවිමෙන් ශිෂ්ණය ප්‍රාණවත්විම විනාඩි 15ක් ඇතුළත සිදුවේ.

  • MUSE -(ශිෂ්ණය ප්‍රාණවත්විම සදහා මෞත්‍ර ලිංගික පද්ධතියට ඖෂධ ඇතුලු කිරිම ) -

මෙහිදි ශිෂ්ණයේ සිදුරු තුලින් එය‍ට රුධිරය ගලා ඒම වැඩි කරන බෙහෙත් අඩංගු කුඩා කැටයක්, මුත්‍රා මාර්ගයට ඇතුලු කරනු ලැබේ.

  • රික්තක පොම්ප -

පැහැදිලි ප්ලාස්ටික් සිලින්ඩරයක් තුළට ශිෂ්ණය ඇතුලු කොට ඒ තුලින් වාතය ඉවත් කරනු ලැබේ. රික්තකයක් ඇතිවිම නිසා ශිෂ්ණය තුළට රුධිරය ගලා ඒම මගින් ශිෂ්ණය ප්‍රාණවත් වේ.

  • ශිෂ්ණ ඉම්ප්ලාන්‍ට් ක්‍රමය -

ශිෂ්ණය ඍජුව පවත්වා ගැනීම සදහා යාන්ත්‍රික උපකරණයක් ශල්‍යකර්මයක් මගින් ශිෂ්ණයෙ තැන්පත් කරනු ලැබේ.

  • බලපෑ හැකි රෝග තත්ව සදහා ප්‍රතිකාර ලබාදිම -

දියවැඩියාව හොදින් පාලනය කිරිම සදහා ප්‍රතිකාර ලබාදිම

 

යෝනි මාර්ගය හැකිලිම (Vaginismus)

යෝනිය ආශ්‍රිතව ඇති මාංශපේශී තදින් හැකිලිම නිසා සංසර්ගයේ දී වේදනාව ඇතිවේ. මාංශ පේශිවල තදගතිය කෙතරම් ද කිවහොත් යෝනි සිදුර සම්පුර්ණයෙන්ම වැසියාම නිසා ශිෂ්ණය ඇතුලු කල නොහැකිවේ.
මෙම තත්වය ඇති කාන්තාවන්ට බොහෝ විට,

  • ශිෂ්ණය යෝනි මාර්ගයට ඇතුලු කල නොහැකිවේ.
  • ශිෂ්ණය ඇතුලු කිරිමේ දී සෑමවිටම වේදනාව ඇතිවේ
  • යෝනි පරික්ෂාවක් සිදුකල නොහැකිවේ.

මෙය ලිංගික සම්බන්ධතාවක මුල් අවධියේ දී තරුණ කාන්තාවන් අතර බහුල දැකිය හැක.

මෙයට බොහෝ කායික හෝ මානසික හේතු බලපායි,

  • මානසික ආතතිය
  • ළමා වියේ දී ඇති වු අප්‍රසන්න සිදුවිම්
  • වේදනාවට ඇති බිය
  • ගර්භනීභාවය හෝ පටක තුවාලවිම
  • ලිංගිකත්වය පිළිබදව ඇති පසුතැවීමි
  • ලිංගික අතවර, අවිශ්වාසය සහ අනතුරුදායක බව වැනි අඹුසැමි ගැටලු
  • ලිංගික අතවර හො  ප්‍රචණ්ඩත්වය වැනි පීඩාකාරි බලපෑම්

වැජිනිස්මස් තත්ත්වයට සමහර විට කාන්තාවන්ගේ ශරිරයෙ සාමාන්‍යයෙන් සිදුවන වෙනස්වීමි  හේතු විය හැක.

  • දරු ප්‍රසුතිය
  • හෝර්මෝන වෙනස්විම්
  • ආර්ථවභාවය

වෙනත් වෛද්‍යමය හේතු නිසා ද වැජිනිස්මස් ඇතිවිය හැක.

  • ප්‍රජනක පද්ධතිය ආශ්‍රිත ආසාදන
  • ලිංග්‍රාශිත රෝග
  • ගර්භාෂය පහත්වීම
  • පුස්වර්ග වලින් ඇතිවන ආසාදන
  • ප්‍රජනක පද්ධතිය ආශ්‍රිත ශල්‍යකර්ම (ගර්භාෂය ඉවත් කිරිම), ලිංගික අතවර
  • සමහර අවස්ථාවල මේ සදහා කිසිදු හේතුවක් අනාවරණය වි නැත.

ශාරිරික හෝ මානසික ප්‍රතිකර්ම විය හැක.බොහෝ විට පුද්ගලයා අනුව සිදු කල යුතුය. ප්‍රතිකාර ක්‍රමයෙ හෝ උපදේශනයෙ ඉලක්කය වන්නෙ බිය හෝ මානසික පීඩා ඉවත් කිරීමයි.
මෙම ප්‍රතිකර්ම වලින් එවැනි තත්ත්ව ඇති කාන්තාවන් තුළ දැකිය හැකි මානසික අවපීඩනය සහ ආත්ම විශ්වාසය අඩු බව සදහා විසදුමි ලබාගත හැක.
වැජිනිස්මස් සදහා සිදුකරන ශාරිරික ප්‍රතිකාරවලින්  ඇගිල්ලක් හෝ ප්ලාස්ටික් කුරක් පාවිච්චි කර යෝනි මාර්ගයෙ පේශී ඉහිල් කිරිම සිදු කරනු ලැබේ.


ලිංගික ආශාව නැතිව යාම

මෙහි දී ඔබට හෝ සහකරුවාට ගැටලුකාරි වන අයුරින් ලිංගික ආශාව නැති වීයයි. මේ නිසා සමහරවිට අඹුසැමි ගැටලු ඇතිවේ.

බො‍හෝ හේතු ඇත.

  • සහකරෑ සමග ඇතිවන ගැටලු
  • සහකරු සමග සම්බන්ධවිමට මැලිවිම
  • මානසික අවපීඩනය
  • අධික මහන්සිය
  • මානසික ආතතිය‍
  • ටෙස්ටො‍ස්ටෙරොන් ‍හෝර්මොන මටිටම අඩුවිම
  • සහකරුවා සමග කිට්ටු සම්බන්ධතාවයක් නොමැතිවිම
  • සන්නිවේදන ගැටලු
  • දෙදෙනා එක් වි ගත කරන කාලය අඩුවිම
  • ලිංගික කටයුතු සදහා තද නිති සහිතව වැඩිම
  • ලිංගික කටයුතු සම්බන්ධ ආකල්ප
  • අපදා සහිත ලිංගික අත්විදිම්
  • ලෙඩ රෝග සහ සමහර ඖෂධවල බලපෑම
  • නින්ද නැතිකම
  • හෝර්මෝන වල අසමතුලිතබව
  • සමහර විට ඔබට ඇත්තේ ඔ‍බේ සහකරුවාට වඩා අඩු ලිංගික අවශ්‍යතාවයක් විය හැකි අතර ඔබේ ගැටලුව ඔහු සමග එකගතාවයකට පැමිනිමට නොහැකියාව විය හැක.

  • ඔබගේ නින්ද දියුණු කරගන්න
  • ආතතිය වඩා හොදින් පාලනය කරගන්න
  • ලිංගික ජිවිතය වඩා සාර්ථකව ගත කිරිමට ක්‍රම යොදාගන්න.
  • මානසික අවපීඩනයට ප්‍රතිකාරගන්න
  • ක්‍රමවත් ශාරිරික ක්‍රියාකාරකම් වලින් ඔබගේ ශරිර සෞඛ්‍යය මෙන්ම ලිංගික ආශාවන් ද වැඩි කරගත හැක.

  • ඔබගේ ලිංගික ආශාවන් වල අඩුකම ඔබට හා ඔබගේ සහකරු අතර සම්බන්ධතාවයෙ ගැටලු ඇති කරයි නමි
  • ඔබට අධික මහන්සිය, මුහුනේ කෙස් අඩුවිම, ශරිර‍යේ කෙස් අඩුවිම හො වැඩිවිම ,වෘෂණ කුඩාවිම වැනි ලක්ෂණ ඇති නමි

  • ඔ‍බගේ සහකරු සමග සාකච්ජා කොට ඔහුට වඩාත් ලංවිමට හැකි ලිංගික‍ නොවන මාර්ග ද දියුණු කර ගැනිම
  • දෙදෙනා සදහාම ලිංගික උපදේශනය

මෙයින් හැදින්වෙන්නේ පුරුෂයා සහ ස්ත්‍රිය කැමති වේලාවට කලින් ඉක්මණින්ම ධාතු පිටවිම නිසා ලිංගික සම්බන්ධය ආසර්ථකවිමයි. සාමාන්‍යයෙන් මෙය පුරුෂයා යෝනිය තුළට ශිෂ්ණය ඇතුලු කරන අවස්ථාවේදී හෝ ඊට ස්වල්ප වේලාවකට පසු සිදුවේ. මෙය, බහුලව පවතින ගැටලුවකි. ඇත්ත වශයෙන් ම පුරුෂයන්ගේ වඩාත් ම සුලභව පවතින ලිංගික ගැටලුව මෙය වේ.

මෙය තරුණ පිරිමින් අතර වඩාත් බහුලව දැකිය හැකි අතර විශේෂයෙන් ම අඩු වයසේ ලිංගික සම්බන්ධතාවලදී මෙය වැඩි වාරයක් දැකිය හැක.

ඉතා කලාතුරකින් ශාරිරික ආබාධ නිසා ඇතිවේ. වඩාත්ම හේතු වන්නේ,