කුරුළෑ

කුරුළෑ ඇතිවන්නේ කෙසේද?

සමේ මතුපිට සාමාන්‍යයෙන් ස්‍රාවය වන තෙල් (ස්නේහය) මගින් ‍සමේ ඇති ස්වේද ග්‍රන්ථි (රෝම සදහා) අවහිරවීම මගින් කුරුළෑ ඇතිවේ. මෙලෙස අවහිර වුනු ග්‍රන්ථි මත බැක්ටීරියා ඇතිවේ.

සුදුලප

අවහිර වුනු ස්නේහය සහ බැක්ටීරියා සම යට තැන්පත් වීම මගින් සුදුලප ඇතිවේ. ඒවා සම මතුපිට කුඩා තිත් වශයෙන් දක්නට ලැබේ.

කලු ලප

රෝම කුප මත තැන්පත් වූ බැක්ටීරියා සහ ස්නේහය සමේ පෘෂ්ඨ වෙත විවර වේ. මෙහි මෙලනින් (හමේ වර්ණකය ) අඩංගු වන නිසා එය ඔක්සිකරණය වී කලු පැහැ වේ.

සුදු හා කලු ලප ක්‍රමයෙන් සුවවෙයි. නමුත් ඔබ නිතර එය ඇල්ලීමෙන් හෝ කැසීමෙන් ඒවා ආසාධිත කුරුළෑ බවට පත් විය හැක. මේවායෙන් සලකුණක් ඉතිරි විය හැක.

පැපුලය 
රෝම කුප බිත්තියේ ඇතිවන පලුදුවීම් නිසා මෙය ඇතිවේ.

පුයිකාව 
මෙය ඇතිවන්නේ දින කිහිපයකට පසු සුදු  රුධිරාණු ක්‍රමයෙන් සම මතු පිටට පැමිණෙන විටදීය. සාමාන්‍යයෙන් කුරුළෑවක් ලෙස හැදින්වෙන්නේ මෙයයි.

මෙම තුවාල තනිව හෝ තැනින් තැන හා වෙන් වෙන්ව පිහිටිය හැක. ඒවා වැඩි වශයෙන් ඇතිවෙන්නේ

  • මුහුණේ
  • උඩුකය පිටුපස
  • පපු පෙදෙස
  • අත්වල
  • බෙල්ලේ

යෞවන ස‍මයේ දී කුරුළෑ වැඩි වශයෙන් ඇතිවන්නේ, ලිංගික හෝර්මෝන අධිකවීම නිසා, රෝම කූප ග්‍රන්ථි විශාල වී  ස්නේහය  වැඩි ව‍ශයෙන් නිපදවන නිසාය.

මෙම තත්ත්වය නව යෞවන වියේ පසුවන 85% කගේ පමණ දක්නට ලැබේ.

මෙම තුවාල, වෛද්‍ය ප්‍රතිකාර නොමැතිව ක්‍රමයෙන් පහව යනු ඇති නමුත් දරුණු කුරුළෑ තත්ත්වයක් ඇති වුවහොත් එය ඔබගේ ආත්ම ශක්තියට බල පෑ හැකි නිසා වෛද්‍යවරයකු මුණ ගැසෙන්න.


1. චොකලට් සහ මේද සහිත ආහාර කුරුළෑ වර්ධනය කරන බව
සිනී, කේක් වැනි  කාබෝහයිඩ්‍රේට්  අඩංගු වන සමහර ආහාරවල ඇති අධික සීනි කුරුළෑ වැඩි කරනු බව පෙන්වා දී ඇත. එනමුත් චොකලට් සහ කුරුළෑ අතර ඇති සබදතාවක් තවම ඔප්පු කර දක්වා නොමැත.

2. කුණු හෝ මුහුණ ‍නොසේදිම මගින් කුරුළෑ ඇතිවන බව
කුරුළෑ ඇතිවන්නේ කුණු මුහුණේ එක්රැස් වීම මගින් නොවේ. නිතර මුහුණ සේදිම මගින් ස්වේද ග්‍රන්ථි උද්දීපනය වී ඒවා අවහිර වීමට ඉඩඇත. ඔබ මෘදු ලෙස දවසට දෙවරක්  පමණ මුහුණ සේදිය යුතුය.

3. ස්වයං වින්දනය හා ලිංගික සංසර්ගය මගින් කුරුළෑ ඇතිවන බව-
මෙම ක්‍රියාකාරකම් මගින් කුරුළෑ ඇති නොවෙයි.

4. ආතතිය මගින් කුරුළෑ ඇතිවන බව-
ආතතිය මගින් ඔබේ හෝර්මෝන වලට බලපෑමක් ඇතිකළ හැකි අතර ඒ නිසා කුරුළෑ ඇතිවීම වැඩි විය හැක.

සෑම විටම වෛද්‍යවරයෙක් හමුවී ප්‍රතිකාර ලබා ගන්න. ඔබගේ වෛද්‍යවරයා ඔබට නියම කල හැකි ප්‍රතිකාර සමහරක් නම්
1. ප්‍රතිජීවක ආලේපන
උදාහරණ – ක්ලින්ඩමයිසින්, එරිත්රොමයිසින්
මේවා දිවා කාලයේ ආලේපනය කල යුතුවේ.

2. බෙන්සොයිල්  පෙරොක්සයිඩ් ජෙල් , රෙටිනොයිඩ් (විටමින් ඒ) ආලේපන
මාස 2-5 දක්වා ආලේප කල යුතුය. රාත්‍රි කාලයට ආලේප කරන්න.

3. දරුණු කුරුළෑ තත්ත්ව සදහා උපත් පාලන පෙති (කාන්තාවන් සදහා)