අධි රුධිර ‍පීඩනය

අධි රුධිර ‍පීඩනය ‍යනු කුමක්ද?

හෘදයේ සිට රුධිරය සිරුර පුරා ගෙන යන රුධිර වාහිනීවල (ධමනි) පවතින්නාවූ අධික පීඩනය මේ නමින් හැදින්වේ.
අධි රුධිර පීඩනය යනු අධික ලෙස පවතින්නා වූ මානසික ආතතිය නොවූවද, දැඩි මානසික ආතතිය මගින් රුධිර පීඩනය තාවකාලිකව හෝ ඉහළ නංවයි.
සාමාන්‍ය රුධිර පීඩනය යනුවෙන් පිළිගනු ලබන්නේ 120/80mmHg.
ඵහෙත්,රුධිර පීඩනය 140/90mmHg හෝ ඊට වැඩිවූ විට අධි ‍රුධිර පීඩනය යැයි සැළකේ.

අධි රුධිර පීඩනය

  • බොහෝ විට ඇති වන්නේ කිසිදු විශේෂිත හේතුවක් නැතිවයි. අධි රුධිර පීඩනය වැළදුණු 95% දෙනා මෙම කාණ්ඩයට වැටේ.
  • 5% ක් හට  අධි රුධිර පීඩනය හටගන්නේ විශේෂිත හේතුකාරකයක් නිසායි. ඵනම් සිරුරේ වෙනත් ස්ථානයක හටගන්නා අක්‍රමිකතාවයක් නිසා (වකුගඩු රෝග, අධි වෘක්ක ග්‍රන්ථියේ වර්ධනයක්) මේ තත්ත්වය ඇතිවේ.

විශේෂිත හේතුවක් නැතිව අධි රුධිර පීඩනය ඇති වූ විට ඵය, ඊළග පරම්පරාවටද අධි රුධිර පීඩනය ඇතිවීම කෙරෙහි බලපෑමක් ඇතිකරයි. එමනිසා ඔබේ මව හෝ පියා අධි රුධිර පීඩනයෙන් පෙළුණේ නම් ඔබද ඵ් පිළිබද වැඩි සැළකිල්ලක් ඇති කරගැනීම නුවණක්කාර වේ.


අධි රුධිර පීඩනය කිසිදු රෝග ලක්ෂණයක් බාහිර‍යට නොපෙන්වා අවුරුදු ගණන් ”සැගවුණු මරුවකු” ලෙස රෝග ලක්ෂණ පෙන්නුම් නොකර තිබිය හැක. ඵ් සදහා සුදුසු ප්‍රතිකාර නොකළොත්, හෘදය වස්තුව, වකුගඩු මෙන්ම මොළය හා ඇස්වලටද හානිකර ප්‍රතිඵල ඇතිකළ හැක.

ඇතැම්විට අධි රුධිර පීඩනය වැළදුණ සමහරෙක් පහත රෝග ලක්ෂණ පෙන්වයි.

  • හිසරදය
  • හිස කරකැවිල්ල
  • ඇස් බොදවීම
  • ඔක්කාරය

සාමාන්‍යයෙන් බොහෝ දෙනෙක් රෝග ලක්ෂණ මතුවන තෙක් වෛද්‍ය උපදෙස් ලබා නොගනි.ඵහෙත් රෝග ලක්ෂණ මතුවන විට බොහෝ අවයවයන් වලට හානි වී අවසානය. දිගුකල් පවත්නා අධි රුධිර පීඩනය නිසා විවිධ අවයවයන් වලට හානි ඇතිවේ.

  • හෘදයාබාද
  • අඝාතය
  • වකුගඩු අකර්මන්‍ය වීම
  • ඇස්වලට හානි වීම සහ පෙනීම අහිමි වීම
  • රුධිර වාහිනී ආශ්‍රිත රෝග (peripheral vascular disease)


ඔබේ රුධිර පීඩනය කිහිප වාරයකදීම,
ඉහළ අගය (සංකුන්චන පීඩනය – systolic pressure) > 140mmHg
හෝ
පහළ අගය (විස්තාරණ පීඩනය – diastolic pressure) >90 mmHg

වේ නම් ඔබ වෛද්‍යවරයකු හමුවිය යුතුයි.

මීට අමතරව, පහත සදහන් ලක්ෂණ වලින් ඵකක් හෝ පවතී නම්, ඉක්මනින්ම ඔබේ වෛද්‍යවරයා හමුවන්න.

  • පැහැදිලි කළ නොහැකි හිසරදය
  • එකවර හෝ කාලයක් පුරාවට පෙනීම දුර්වල වීම
  • හිස කරකැවිල්ල
  • හිසරදය සමග බැදුනු ඔක්කාරය
  • පපුවේ කැක්කුම

1.දිවි පෙවෙතේ සිදුවිය යුතු වෙනස්වීම්

  • සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක්- ඵළවළු සහ පළතුරු වැඩිපුර ආහාරයට ගන්න. මේදය හා ලුණු ආහාරයට ගැනීම අඩු කරන්න. කෘත්‍රිම ආහාර වර්ග අනුභව කිරීම අඩු කරන්න. ඔබේ පරිවෘත්තිය වේගය වැඩි කර ගැනීමට නිතර නිතර කුඩා ආහාර වේල් බැගින් ලබා ගැනීම වැදගත් වේ. ජලය යහමින් පානය කරන්න. අධික මත්පැන් හා කෝපි පානයෙන් වළකින්න.
  • දුම් පානය අත්හරින්න.
  • ඔබේ බර අඩු කරගන්න- ව්‍යායාම මගින් අඩු කරගත හැකි වන ආකාරයේ ඉලක්ක තබා ගන්න. ඊට අමතරව, විදුලි සෝපානය පාවිච්චි කිරීම වෙනුවට පඩි පෙළ නගින්න.
  • අලස ජීවන රටාවකින් මිදෙන්න- දැඩි ආතතියෙන් මිදීම සදහා ඉහිල්වීමේ ක්‍රියාකාරකම් වල යෙදෙන්න. උදා: විනෝදාංශයක නියැලීම,භාවනා කිරීම

2.බෙහෙත් ප්‍රතිකාර

අධි රුධිර පීඩනය මද වශයෙන් ඇතිවිට දිවි පෙවෙතේ සිදුවිය යුතු වෙනස්වීම් ඇතිකර ගැනීම මගින් එය යථා තත්ත්වයට පත්කරගත හැක.එහෙත්, අධි රුධිර පීඩනය වැඩි වශයෙන් පවතිනවිට බෙහෙත් ප්‍රතිකාර ලබාගත යුතුයි. ඔබේ වෛද්‍යවරයා මේ සදහා එක් බෙහෙත් වර්ගයක් හෝ කිහිපයක් පාව්ච්චි කරනු ඇත. මේ සදහා භාවිත කළ හැකි බෙහෙත් වර්ග සමහරක් නම්

  • Diuretics- මෙමගින් ශරීරයේ ඇති වැඩිපුර ජලය මුත්‍රා මගින් පිටකර රුධිර පීඩනය පාලනය කරයි.
  • Beta blockers- ඇඩ්‍රිනලින් වල බලපෑම අඩුකරමින් හෘද ස්පන්දන වේගය අඩු කරයි.
  • Calcium channel blockers- රුධිර වාහිනි විස්තාරණය කිරීම මගින් රුධිර පීඩනය පාලනය කරයි.
  • ACE inhibitors- වාහිනී විස්තාරණය කිරීම මගින් රුධිර පීඩනය පාලනය කරයි.

දිවි පෙවෙතේ සිදුවිය යුතු වෙනස්වීම් හා බෙහෙත් ප්‍රතිකාර  නියමිත පරිදි ගැනීම මගින් බොහෝ දුරට අධි රුධිර පීඩනය පාලනය කරගත හැක.එමගින් දිගුකාලීනව අධි රුධිර පීඩනය පැවතීම මගින් ඇතිවිය හැකි දරුණු ප්‍රතිවිපාක අවම කරගත හැක.