වෘෂණ ආශ්‍රිත පිළිකා

වෘෂණ ආශ්‍රිත පිළිකා යනු කුමක් ද?
සිරුර සෑදි ඇත්තේ සෛල වර්ග රාශියක් එකතුවීමෙනි. සාමානයෙන්, සෛල වර්ධනය වී බෙදිමට ලක් වී පසුව මියයයි. එහෙත් ඇතැම් විට, සෛලවල විවිධ වෙනස්වීම් සිදු වී විකෘති ඇතිවුවහොත්, ඒවා සාමාන්‍ය සෛලවලට වඩා වේගයෙන් වර්ධනය වී බෙදීමට ලක්වේ. ඒවා මියයෑම වෙනුවට එකට එකතු වී සිරුරේ විවිධ ස්ථානවල වර්ධනයන් ඇති කරයි. ඒවායෙන් සමහරක් පිළිකාවන අතර, සිරුරේ නිරෝගී පටකයන් ආක්‍රමණය කරමින් ඒවා විනාශ කරයි. එමෙන් ම එම පිළිකා සෛල මුල් ස්ථානයෙන් ගැලවී ගොස් සිරුරේ වෙනත් ස්ථානවලට පැතිර යා හැක. එහෙත් පිළිකා නොවන සමහර වර්ධනයක් මෙලෙස සිරුර පුරා පැතිර නොයයි.

තරුණ පිරිමින් අතර (අවුරුදු 15ත් 34ත් අතර) වඩාත් බහුලවන පිළිකාව වන්නේ වෘෂණ ආශ්‍රිත පිළිකාවයි. මෙම පිළිකාව සුදු ජාතිකයන් අතර බහුලව පවතින අතර තම පියා හෝ සහෝදරයා එවැනි පිළිකාවකින් පෙළුනේ නම් හෝ වෘෂණ කුඩාවට පිහිටීම ඒවා නියමිත පරිදි වෘෂණ කෝෂවලට ලගා නොවීම වැනි අවස්ථාවල දී මෙම පිළිකාව සැදීමේ අවදානම සාමාන්‍ය අවස්ථාවල දීට වඩා වැඩියි.

වෘෂණ ආශ්‍රිත පිළිකා වල ලක්ෂණ

  • වඩාත් සුලබතම ලක්ෂණය වන්නේ,වේදනා රහිත, ඝනකම වර්ධනයක් වෘෂණයේ මතුවීමයි.
  • වෘෂණ කෝෂය පුරා පැතිරෙන වේදනාවක්
  • වෘෂණ වල ඉදිමීම

වෘෂණ ආශ්‍රිත පිළිකා මුල් අවධියේ දී අනාවරණය කරගත් විට එය සුව කළ හැක. තමාට ම ස්වයං පරික්ෂාවක් කරගැනීමෙන්, වෘෂණවල වර්ධනයක් හෝ ඉදිමුමක් ඇතැම්විට හදුනාගත හැක. මෙවැනි යම් වෙනස්වීමක් දැණුනු විට වහාම තම වෛද්‍යවරයා හමුවන්න.

වෘෂණයේ ස්වයං පරික්ෂාවක් කරනු ලබන්නේ කෙසේ ද?
මෙවැනි පරික්ෂණයක් කිරිමට වඩාත් සුදුසු වන්නේ නෑමෙන් පසුවයි. මක් නිසාද යත් උණුසුම් ජලය නිසා වෘෂණ කෝෂවල සම ඇදීමට ලක්වී වෘෂණ පරික්ෂා කිරීමට පහසු කරයි.
වෘෂණ වෙන වෙන ම එකක් බැගින් පරික්ෂා කරන්න. මෙහි දී පරික්ෂාව සදහා අත් දෙකම පාවිච්චි කළ යුතුය.
ඔබේ දබරඇගිල්ල හා මදැගිල්ල එක් එක් වෘෂණය යටින් තබා මහපටැගිල්ල උඩින් තබන්න.
ඇගිලි අතර වෘෂණය සෙමෙන් රෝල් කරන්න.
එවිට වෘෂණයේ හෝ එය මතුපිට ඇති වර්ධනයන් දැනෙන ලෙස පරික්ෂා කරන්න.
එම පරික්ෂාව අනෙක් වෘෂණය සදහා ද කරන්න.
වෘෂණය පිටුපස ඇති අපිවෘෂණය මත ද එලෙස ඇගිලි තුඩුවලින් පරික්ෂා කරන්න.
එක් වෘෂණයක් අනෙක් වෘෂණයට වඩා සාමාන්‍යයෙන් විශාල විය හැකි වන අතර සාමාන්‍යයෙන් වෘෂණ වල රළු නොවන මතුපිටක් ඇත. වෘෂණ කෝෂවල යම් වෙනස්වීමක් දැනුන විගස වෛද්‍යවරයකු හමුව