අනපේක්ෂිත ගැබ්ගැනීම්

අනපේක්ෂිත ගැබ්ගැනීම්

සැලසුම් නොකළ ගැබ් ගැනීමක් යනු, මව හෝ පියා හෝ යුවල විසින් ම සැලසුම් නොකොට ඇතිවන පිළිසිද ගැනීමකි.
විවාහයෙන් පසු, බොහෝ අඹු සැමියන් දරුවන් අපේක්ෂා කරති. ඔවුන්ගේ අවශ්‍යතා පෞද්ගලික වන අතර, එම නිසා නිසි සැලසුම් කිරීමක් කළ යුතුය.

  • ශාරීරික යෝග්‍යතාව සම්බන්ධ කරුණු
  • මානසික ස්වභාවය
  • දරුවකු ලැබීම සදහා අවශ්‍ය කාලය සපයාගත හැකිවීම
  • අනාගතය සදහා සැලසුම්
  • ලිංගික හා ප්‍රජනන සෞඛ්‍යය පිළිබද දැනුම

මේ ඒ පිළිබදව තිබිය යුතු කරුණු කිහිපයකි. එම නිසා නිසියාකාර සැලසුම් මගින් යුවලකට නිරෝගි, තෘප්තිමත් දරුවෙකු ලැබිය හැකි අතර එම නිසා පවුලේ සාමාජිකයන් අතර සබදතාවය ද වර්ධනය කර ගතහැක.

සැලසුම් නොකල ගැබ් ගැනීමක් ඇති වුණු විට, ගබ්සාවකට මුහුණ දීම ඇතුලුව විවිධාකාර ප්‍රති විපාකවලට මුහුණදිමට සිදු වේ.

වර්තමානයේ දී ඇතිවන සැලසුම් නොකළ ගැබ්ගැනිම් නියම ප්‍රමාණය ගණනය කිරිම ඉතා අපහසු වෙයි.
සමීක්ෂණවලට අනුව ගැබ් ගැනිම් වලින් 33%ක් පමණ සැලසුම් නොකල ඒවා වෙයි.
මෙයින් 23 %ක් පමණ ආර්තව චක්‍රයේ සරු කාලයේ දී සංසර්ගයේ යෙදිම නිසා ඇතිවන අතර 10%  කිසිසේත්ම සැලසුමකින් තොරවීම නිසා සිදුවේ.

1. ලිංගික හා ප්‍රජනන සෞඛ්‍යය පිළිබද දැනුම අල්ප වීම -
සබදතාවයක දී හෝ විවාහය සැලසුම් කරන විට,ලිංගික හා ප්‍රජනන සෞඛ්‍යය පද්ධති පිළිබද දැනුමක් ලබා තිබීම අත්‍යවශ්‍යවේ. මෙමගින්, ලිංගික කාර්යයේ දී සිදුවන දෑ, පිළිසිද ගැනීමක් ඇති වෙන්නේ කෙසේද, එය වළක්වා ගන්නෙ කෙසේද යන්න පිළිබදව අවබෝධයක් ලබාගත හැක.

2. උපත් පාලන ක්‍රමයක් භාවිත නොකිරීම -
විශ්වාසදායක උපත් පාලන ක්‍රමයක් භාවිත නොකරන්නේ නම්, අනවශ්‍ය ගැබ් ගැනීමක් ඇතිවිය හැක.

3. උපත් පාලන ක්‍රමය අසාර්ථක වීම
උපත් පාලන ක්‍රමයේ යම් අසාර්ථකත්වයක් නිසා අනවශ්‍ය ගැබ් ගැනීමක් ඇතිවිය හැක. බොහෝ නුතන උපත් පාලන ක්‍රම ආරක්ෂාකාරී හා විශ්වාසදායක වෙයි. මෙවැනි ආසාර්ථකත්වයක් බොහෝවිට ඇතිවෙන්නේ උපත් පාලන ක්‍රමයේ වැරදි හා ස්වභාවික උපත් පාලන ක්‍රම යොදාගැනිම නිසාය.

4.ලිංගික අපයෝජනය හෝ දුෂණය
අනවශ්‍ය පිළිසිද ගැනීමක් ඇතිවීමේ අවදානම සිහි තබා ගත යුතුය.


1. සැලසුම් නොකල ගැබ්ගැනිම් අනවශ්‍ය පිළිසිද ගැනීමක් බවට පත්වීම
මුලදී අනවශ්‍ය /සැලසුම් නොකළ පිළිසිද ගැනීමක් වුවද, කාලය සමග එය අවශ්‍ය  පිළිසිද ගැනීමක් බවට පත්විය හැක. ඔබේ සහකරු,පවුලේ සාමාජිකයන් හෝ පවුලේ වෛද්‍යවරයා සමග සාකච්ඡා කිරීමෙන් පසු මෙය සිදුවිය හැක.

2. අනවශ්‍ය පිළිසිද ගැනීම, අනවශ්‍ය  පිළිසිද ගැනීමක් ලෙස පැවතීම
මවගේ මානසික තත්ත්වය හා සමහර විටෙක තමන් පිළිබද නොසැලකිල්ල, කායිකව හා මානසිකව දරුවාට හා මවට බලපායි.

3. අනවශ්‍ය පිළිසිද ගැනීම ගබ්සාවක් දක්වා වර්ධනය වීම
මවගේ ජීවිතය බේරා නොගැනීමට නොවේ නම්, ගබ්සාව ශ්‍රී ලංකාවේ නිතී විරෝධිවේ. ශ්‍රී ලංකා‍වේ භාවිතවන ගබ්සා ක්‍රම  වෛද්‍යමය,ශල්‍යමය හෝ සාම්ප්‍රදායික ක්‍රම විය හැක.

4. ළදරු ඝාතනය / මව විසින්ම ළදරුවා ඝාතනය කිරීම

මව විසින් තම සෞඛ්‍යය තත්ත්වය ගැන අවධානය යොමු නොකිරීම,නිතර වෛද්‍ය පරික්ෂණ සදහා සහභාගි නොවීම, ආහාර හා විටමින් ගැන අවධානය යොමු නොකිරීම, මව විසින් සමහර විටෙක ගැබ් ගැනීම රහසක් ලෙස තබා ගැනීමට ‍හෝ දරු ප්‍රසුතිය තමා විසින් ම කර ගැනීමට හෝ දරුවාගේ හුස්ම හිර කිරීමට උත්සාහ කරනු ඇත. ඉහත සදහන් සියලු අවස්ථා ‍දරුවාගේ ජීවිතය‍ට තර්ජනයකි.

5. දෙමව්පියන් විසින් නොසලකා හැරීම

මන්ද පෝෂණය, ආතතියට හෝ අපයෝජනයට දරුවා ලක්විය හැක. අපයෝජනය, කායික හා මානසික හෝ ලිංගික වශයෙන් තෙවැදෑරුම් විය හැක. මෙහි අවසාන ප්‍රතිඵලය විය හැක්කේ බොහෝ දරුවන්ට මානසික ගැටලු උරුමවීමයි.

6. මවට ඇතිවිය හැකි බලපෑම්
නිතර ගැබ් ගැනීම මගින් කායික හා මානසික සෞඛ්‍යය‍ට බලපෑම් ඇති කරයි.

  •  කායික සෞඛ්‍යය – මන්දපෝෂණය, නීරක්තිය , අනෙකුත් පෝෂ්‍ය පදාර්ථ හිගවීම, හදවත් රෝග වැනි අනෙකුත් රෝග වර්ධනය වීම, දියවැඩියාව, අධික රුධිර පීඩනය ආදිය
  • මානසික සෞඛ්‍යය-  පිළිසිද ගැනීම පිළිබද සුදානම් නොමැති නම් ගැටලු රාශියක් මතුවෙයි. මෙම ගැටලු දරුවා ඉපදුනු පසු ද පැවතිය හැක. කාන්තාවක්, ගබ්සාවක් කිරීමට තීරණය කරන්නේ නම්, ඇය ඒ පිළිබදව වසර ගණනාවක් තිස්සේ පසුතැවෙයි. එවැනි තත්ත්වයක් කාන්තාවගේ හා ඇයගේ පවුලේ සුවතාවයට බලපෑම් ඇති කරයි.

7. දරුකමට හදා ගැනීම සදහා ලබා දීම

මූල්‍ය අස්ථාවරතාවය, සාමාජීය හේතු (විශාල පවුල්, එක් සහකරුවෙකුගෙන් ප්‍රතික්ෂේප වීම සහ අනෙකුත් හේතු නිසා, සමහර විටෙක මෙම තීරණය ගනු ලැබේ. කෙසේ නමුත් බොහෝ කාන්තාවන් සහ ඔවුන්ගේ සහකරුවන් ජීවිත කාලය තුරාවටම ඒ පිළිබදව සිතමින් පසුතැවෙයි.

8. විකිණීම සදහා ලබා දීම
බොහෝ විට මූල්‍ය ප්‍රශ්න නිසා දරුවන් විකිණීම සදහා ලබා දෙයි.

9. අත්හැර දැමීම
දරුවා  අත්හැර දැමීම

දරුවා – ශරීර උෂ්ණත්වය අඩුවීම හෝ විජලනය නිසා මියයාම ‍‍හෝ සතුන් විසින් පහරදීමට ලක්වීම හෝ අන්‍යයන් විසින් ලබාගැනීම (සමහර විට දරුවා හොදින් ලබා ගැනෙන අතර සමහර විටෙක විවිධ අපයෝජන වලට ලක්විය හැකිය.)

10. සිය දිවි නසා ගැනීම
පවුල හෝ සාමාජය මගින් ඇතිවන පීඩනය නිසා හෝ තම පවුල නඩත්තු කිරීමට නොහැකියාව නිසා සියදිවිනසා ගැනීමට පෙළඹේ.
ඉහත සදහන් තත්ත්වයන් ඇතිවීම වළක්වා ගැනීම සදහා සැම විටම ආරක්ෂාකාරී පියවර අනුගමනය කිරීම වැදගත්වේ.

අනවශ්‍ය පිළිසිද ගැනීමක් වළක්වා ගන්නේ කෙසේ ද?

  • ලිංගික හා ප්‍රජනන සෞඛ්‍යය පිළිබද අවබෝධය දියුණු කිරීම
  • ඔබේ සහකරු සමග සාකච්ඡා කර ඔබේ අවශ්‍යතා පරිදි පවුල සැලසුම් කරගන්න.
  • උපත් පාලනය හා ලබාගත හැකි උපත් පාලන ක්‍රම පිලිබදව අ‍වබෝධය දියුණු කරගැනීම
  • නිසි හා ක්‍රමවත් ලෙස විශ්වාසදායි උපත් පාලන ක්‍රමයක් යොදාගැනීම

(ක්‍රමවත් උපත් පාලන ක්‍රමයක් භාවිත නොකරන්නේ නම්) සැලසුම් නොකළ ලිංගික එක්වීමකින් පසු හදිසි ගැබ්ගැනීම් වැලැක්වීමේ ක්‍රමයක් භාවිත කරන්න.

ගබ්සාව

ගබ්සාව යනු කුමක් ද?
ගබ්සාව යනු, සජිවි වීමට පෙර, (සංවර්ධිත රටවල සජීවි දරු උපතක් ලබාගැනීමේ අවම කාලය මෙය සති විස්සක් පමණ (මාස5) වන බව සැලකේ) කළලය(ගර්භාෂයේ සිටින දරුවා) ඉවත් කිරීම හෝ පිටවීමයි.
ශ්‍රී ලංකාවේ සජීවි දරු උපතක් ලබාගැනීමේ අවමකාලය සති 28 ක් ලෙස නෛතිකව සැලකේ.මෙය ස්වභාවිකව හෝ කෘත්‍රිමව (‍හේතුවක් නිසා ගබ්සාවට ලක්විය හැක) සිදුවිය හැක
ස්වභාවික ගබ්සා වීමක්, හොදින් දන්නා කරුණක් නිසා හෝ හේතුවකින් තොරව සිදුවිය හැක. ගබ්සාවකදී ගර්භාෂයේ ඇති කළලයේ කො‍ටස් සම්පුර්ණ‍ වශයෙන් හෝ අර්ධ වශයෙන් පිටවිය හැක.
ශ්‍රී ලංකාවේ ගබ්සාවන් නීති විරෝධි වන නිසා, ගබ්සා සිදු කිරීම ආරක්ෂාකාරී නොවන තත්ත්ව යටතේ පුහුණුව නොලැබු පුද්ගලයන් විසින් සිදුකෙරේ.

නීතිමය තත්ත්වයන් යටතේ, ගබ්සාව පිළිබද නිරවද්‍ය  තත්ත්ව ලබාගැනීම අපහසුය.

දිනකට ගබ්සා කිරීම් 550-750 පමණ රට තුළ සිදුවන බව අනුමාන කල හැක.

වර්ෂයකට 125,000-175,000 ගබ්සා කිරීම් සිදුවේ.මාධ්‍ය වාර්තා කරන අන්දමට වසරකට සිදුවන සජීවි දරු උපත් 370,427 හා සැසදීමේදි ගබ්සා 240,170 එනම් ශ්‍රී ලංකාවේ උපදින දරුවන් 3 දෙනෙකුට පාහේ බිළිදුන් දෙදෙනෙකු ගබ්සාවට ලක්වේ.

ගබ්සාව ශ්‍රී ලංකාවේ නීත්‍යානුකුල වන්නේ, (දරුවා දරා සිට  බිහිකිරීම- මවගේ ජීවිතයට තර්ජනයක් වන අවස්ථාවලදී) මවගේ ජීවිතය බේරා ගැනීමට ගබ්සාව සිදු කරන විට පමනි.
නිත්‍යානුකූල ගබ්සාව සදහා අවසර ලබා ගැනීම සදහා ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරු දෙදෙනෙකුගෙන් ලැබුණු මවගේ ජීවිතයට තර්ජනයක් ඇති බව කියවෙන සහතිකයක් අවශ්‍ය වේ.
(1833 අපරාධ නීතියේ, 303 වැනි දණ්ඩ නීති සංග්‍රහයේ වගන්තියේ, 343 වැනි පරිච්ඡේදය)
නිතිවිරෝධි ‍ලෙස සිදු කරන ගබ්සා ශ්‍රී ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහයේ දැක්වෙන පරිදි අපරාධ යටතට ගැනේ.
නීතිවිරෝධී ලෙස ගබ්සාවක් සිදු කිරීම නිසා, කාන්තාව හා ගබ්සාව සිදු කරන්නා නීතිය ඉදිරියට පැමිණවිය හැකි අතර, වරද ඔප්පු වුවහොත්, සිර දඩුවමක් ලබාදිය හැක.

ගබ්සාවක ප්‍රතිවිපාක කායික, මානසික හෝ සාමාජීය විය හැක.
කායික
ආසන්නතම සංකූලතා:

  • රුධිර වහනය හා මරණය
  • ගර්භාෂ‍යේ ආසාදන හා ශරීරය පුරා පැතිරුණු අසාදන
  • ගර්භාෂය‍ට හා ගැබ්ගෙලට හානි ඇතිවීම
  • කළලයේ කොටස් අර්ධ වශයෙන් පිටවීම
  • යෝනි මාර්ගය හා මුත්‍රාශය අතර අසාමාන්‍ය  සබදතාවයක් ඇතිවීම
  • අභ්‍යන්තර අවයව වලට හානි පැමිණවීම

පසුව ඇතිවන සංකූලතා

  • මදසරුභාවය -නැවත ගැබ් ගැනීමට අපහසුවීම
  • කල් පවතින යටිබඩ  වේදනා
  • කල් පවතින අභ්‍යන්තර අවයවවල ආසාදන
  • පසුව ඇතිවන පිළිසිද ගැනීම්වලදී නොමේරු දරුවන් ඉපදීමට ඇති අවදානම අධිකවීම
  • ගර්භාෂය හැර අන් තැන්වල කළලය තැන්පත් වීමෙන් ඇතිවන ගැබ්ගැනීම්
  • ගබ්සා සිදුවීම
  • මවට ‍හා පවුලට ඇතිවන මානසික බලපෑම


යුවල (මව/පියා) පවසන අන්දමට පොදු හේතුන්

  • දරුවකු ලැබීමට වයස වැඩිවීම
  • වැඩුණු දරුවන් සිටීම
  • බාලම දරුවා ඉතා ලබාල වීම
  • පවුල සම්පුර්ණ වී තිබීම

අනෙකුත් ‍හේතුන්

  • උපත් පාලන ක්‍රමය අසාර්ථක වීම
  • මුල්‍ය අපහසුතා
  • මවගේ සෞඛ්‍යය ගැටලු
  • අධ්‍යාපන‍යෙහි යෙදීම, නිවසක් සෑදීම, සංක්‍රමණය, නව රැකියාවක යෙදීම වැනි දෑ සිදුවන සැලසුම් නොකල අවස්ථාවලදී පිළිසිද ගැනීම්
  • වෛද්‍ය  ප්‍රතිකාර ලබාගැනීම /ළගදී එන්නත්කරණය‍ට භාජනය වීම (උදා රුබෙල්ලා)
  • මීට පෙර සිසේරියන් සැත්කම සිදුකර තිබීම
  • අවිවාහකවීම
  • දූෂණය හෝ පවුලේ සාමාජිකයන් අතර සිදුවන ලිංගික එක්වීම් නිසා ඇතිවන පිළසිද ගැනීම්


ගබ්සාවෙන් පසු රැක බලා ගැනීම යනු, ගබ්සාව ඉබේ සිදුවූවක් ‍හෝ සිදු කල දෙයක් ද යන්න නොසලකා, ගබ්සාවෙන් පසු කාන්තාව හා ඇගේ පවුල ශාරීරික හා මානසික වශයෙන් රැක බලා ගැනීම හා සහාය ලබා දීමයි.
ගැබ් ගැනීම් ආශ්‍රි‍ත මරණවලින් අ‍ටෙන් ඵකක් පමණ ඇතිවෙන්නේ ගබ්සාවෙන් පසුව ඇතිවන සංකූලතා නිසා බව අනුමාන කෙරේ. අවශ්‍ය සත්කාර , අවශ්‍ය වේලාවට , අවශ්‍ය තැනට දැරිය හැකි මිලට ලබා දෙන්නේ නම් මේ මරණ වළක්වා ගත හැක.

ප්‍රසූතියෙන් පසු ලබාදිය හැකි සත්කාරයේ ගුණාංග

1. හදිසි වෛද්‍ය ප්‍රතිකාර
වෛද්‍ය පරික්ෂා කිරීම, අවශ්‍ය පරිදි වේදනාව සමනය කිරීම

2. ප්‍රසූතියෙන් පසු පවුල් සැලසුම් උපදේශන සේවා, නැවත ගබ්සා ඇතිවීම වැළැක්වීම සදහා අංග සම්පූර්ණ උපදේශනයකින් පසු, සුදුසු උපත් පාලන ක්‍රමයක්‍ හදුන්වා දිය යුතුය.

3. ගබ්සාවෙන් පසු අනෙකුත් ප්‍රජනන සෞඛ්‍යය  සේවා සදහා එම කාන්තාව යොමු කිරීම

  • ලිංගිකව සම්ප්‍රේ‍ෂණය වන රෝග සදහා ප්‍රතිකාර කිරීම
  • ගැබ්ගෙල පිළිකා සදහා පරික්ෂණ
  • මදසරුභාවය පිළිබද සපයන සේවා
  • ගර්භනී කාන්තාවන්ට සපයන ‍සේවා

4.උප‍දේශනය

  • මානසික මට්ටම උසස් කිරීම සදහා උපදේශනය
  • වේදනාව, ආසාදන, ගබ්සාවෙන් පසු සත්කාර ආදිය මගින් ශාරීරික සුවතාව නැවත ලබාගැනීම සදහා උපදේශනය
  • ගබ්සාව සදහා උප‍දේශනය
  • පවුල් සැලසුම් සදහා උපදේශනය
  • සරුභාවය නැවත ලබාගැනීම සදහා උපදේශනය

වෛද්‍ය උපදෙස් ලබාගත යුත්තේ කුමන අවස්ථාවලදීද ?                 
පහත සදහන් රෝග ලක්ෂණ ඔබ සතුනම්, රෝහලකට ඇතුලත් වෙන්න.

  • යටි බඩ වේදනා
  • දිගු කාලීන රුධිර වහනය
  • සිරරේ දුබලගතිය
  • උණ
  • යෝනි මාර්ගයේ ස්‍රාවයන් – අධික ලෙස දුගද සැරව ස්‍රාවය වීම
  • උදරය නෙරා ඒම
  • ඔක්කාරය හා වමනය

යුවලකට කළ හැක්කේ කුමක් ද?

  • ලිංගික හා ප්‍රජනන සෞඛ්‍යය ගැන අවශ්‍යය පරිදි දැනුම ලබා ගැනීම
  • පවුල සැලසුම් කිරීම
  • සියලුම උපත් පාලන ක්‍රම සම්බන්ධයෙන් නිසි  දැනුමක් ලබාගැනීම
  • විශ්වාසදායක උපත් පාලන ක්‍රමයක් සැමවිටම හා නිවැරදිව භාවිත කිරීම
  • හදිසි ගැබ් ගැනීම් වැලැක්වීමේ ක්‍රම පිළිබද දැනුමක් ලබාගැනීම

සෞඛ්‍යය පහසුකම් සලසන්නා විසින් සෞඛ්‍යය පද්ධතියට කල හැකි දේ

  • ලිංගික හා ප්‍රජනන සෞඛ්‍යය අධ්‍යාපනය ලබාදීම
  • උපත් පාලන ක්‍රම සදහා ප්‍රවේශ වීමේ අවස්ථා වැඩි කිරීම
  • ලබාගත හැකි සියලුම උපත් පාලන ක්‍රම සදහා ප්‍රවේශවීමේ අවස්ථා ලබාදීම
  • තිබෙන උපත් පාලන ක්‍රම ගණන වැඩි කිරීම.
  • පවුල් සැලසුම් වැඩසටහන් එක් එක් පුද්ගලයන්ට විශේෂිත ව සැකසූ හා එකිනෙකාගේ අවශ්‍යයතාවයන් මත පදනම් වු වැඩස‍ටහන් වීම
  • ගැබිනි මව්වරුන්‍‍ට හා ඔවුන්ගේ දරුවන්ට සමාජ රැකවරණය ලබාදීම
  • දීමනා, දිවා සුරැකුම් මධ්‍යස්ථාන වැනි පහසුකම් ගැබිනි මව්වරුන්ට හා කුඩා දරුවන්ට ලබාදීම
  • අනතුරට භාජනය විය හැකි කණ්ඩායම් වලට සහය ලබාදීම
  • නුතන උපත් පාලන ක්‍රම ලබාගන්නා කාන්තාවන්  ප්‍රමාණය වැඩි කිරීම
  • උපත් පාලන ක්‍රම පිළිබදව ගැබිනි මව්වරුන්ට තොරතුරු ලබාදෙන දැනට තිබෙන පද්ධතිය වැඩි දියුණු කිරීම
  • හදිසි ගැබ් ගැනීම් වැලැක්වීමේ ක්‍රම මගින් අනවශ්‍යය  පිළිසිදගැනීම් වැලැක්විය හැකි බව දැනුවත් කිරීම
  • උපත් පාලන ක්‍රම පිලිබද පුරුෂ පක්ෂයේ ආකල්ප දියුණු කිරීම
  • උපත් පාලන ක්‍රම පිළිබදව නිරවද්‍ය  තොරතුරු සැපයීම සදහා සෞඛ්‍යය සේවා සපයන්නාගේ හැකියාව වැඩි දියුණු කිරීම
  • ලිංගික ප්‍රජනන සෞඛ්‍යය අධ්‍යාපනය පිළිබද දෙමාපියන් හා පාසල් දරුවන් පුළුල්ව දැනුවත් කිරීම